(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල්අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගෙන් ගල් අගුරැ කොමිසම අද (23) පැය තුනකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්තුරු කටයුතු කරති.

ගල්අඟුරු අක්‍රමිකත සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කෙරිණ.

කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලබන මස මුල ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.