
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අකාලයේ මියගිය කාවන්තිස්ස දළ ඈතාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.
මේ අනුව එම ඉල්ලීම ඇතුළත් ලිපිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු මන්ත්රීවරුන් විසින් කතානායකවරයාට සිකුරාදා (23 වැනිදා ) බාර දෙනු ලැබීය.
රටේ ජාතික ස්වභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්ය හෙළිදරව් කර ගැනීම, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම මෙන්ම කාවන්තිස්ස ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් මෙලෙස ඉල්ලා ඇත.
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කීවේ , කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සොයන ගමන් දැනට සිටින ඇත් පරපුර ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බවයි. මෙය දේශපාලනයෙන් තොර කාරණයක් බවද ඔහු සදහන් කළේය.
එසේම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවද පක්ෂ භේදයෙන් තොරව සම සභාපතිත්වයෙන් යුතුව සාර්ථකව ක්රියාත්මකවන නිසා මෙම ඇතාගේ මරණය පිළිබඳ සොයන කමිටුවද රාජ්ය හා විපක්ෂයේ සම සභාපතිත්වයෙන් යුතුව ස්ථාපිත කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කතානායකවරයාට යෝජනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd