රන් සමඟ ගුවන් මගියා මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය අද(15 ) කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ තම නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

රුපියල් කෝටි එකසිය දහයක් වටිනා කිලෝ ග්‍රෑම් 35 කට අධික බරකින් යුතු  මෙම රන් තොගය මෙරටට ගෙන ඒම සදහා , විශේෂයෙන්ම සකස් කළ , මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයේ උපකරණ 09 ක් තුළ සඟවා , ඒවා සිය ගමන් මල්ලේ ද සඟවා ගෙන මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . රන් බිස්කට් 195 ක් සහ කිලෝ ග්‍රෑම් 13 ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙසේ අත් අඩංගුවට ගත් රත්තරන් තොගයේ විය .