(දසුන් රාජපක්ෂ)
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළව රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබාගෙන සිටි සැකකාරියක් ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ ඉකුත් 28 වැනි දා අත් අඩංගුවට ගන්නා ලද බොරැල්ලේ පදිංචිකාරියක වන දේදුණු කුමාරි පෙරේරා නැමැත්තියකි.
ග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් සමඟ ඉකුත් 28 වැනි දින ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සමග සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු රඳවා ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ව මුදල් හුවමාරු කළ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය කර ගත් බව දන්වා සිටියහ.
එම බැංකු ගිණුම සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අදාල බැංකුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි එම නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාල ගිණුම සම්බන්ධයෙන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බැංකුවට නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල ලබන 17 වැනි දින යළි කැඳවන ලෙස නියෝග කළාය.

