
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක සභාපතිවරයෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගොස් ගල් අඟුරු වාර්තාව වෙනස් කරන ලෙසට දැඩි ලෙස බලපෑම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය
ඔහු කීප වතාවක්ම එහි ගොස් එසේ බලපෑම කර ඇති බව එහි නිලධාරීන් තමා සමග පැවසුවේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මෙය ඉතා බරපතළ වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ වැදගත් කමිටුවක සභාපතිවරයකු එලෙස කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවද ප්‍රකාශ කළේය.
කුමන බලපෑම් එල්ල වුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිවැරදි ලෙස කටයුතු කර ගල්අඟුරු සම්බන්ධ සත්‍ය වාර්තාව රටට ඉදිරිපත් කළ බව රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ස්තූතිවන්ත වන බවද මන්ත්‍රීවරයා කීවේය.
ආණ්ඩුවේ ඇතැමුන් විගණකාධිපති පුටුවට තමන්ට හිතවත් අයෙකු පත් කිරීමට දැඩි උත්සාහයක් දැරුවේ මේ නිසා බවට දැන් දැන් ප්‍රබල සැකයක් මතුවන්නේ යැයි පැවසූ මුජිබර් රහුමන් මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන ඉල්ලා සිටින බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd