(අංජුල මහික වීරරත්න)

රටේ දැනට පවතින පොහොර පුමාණ පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොහොර තොග මේ වන විට පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මොරගොල්ලගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර බෙදා හැරීම් සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර (TSP) සහ MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවා.පසුගිය යල කන්නයේදී ටොන් 13,000ක් පමණ භාවිත වුණා. දැනට රටේ MOP පොහොර ටොන් 38,000ක් තිබෙනවා.

යූරියා සම්බන්ධයෙන් පැවති සුළු හිඟය මගහරවා ගැනීම සඳහා අලුතින් ටොන් 25,000ක යූරියා පොහොර නැවක් පැමිණියා.

පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදා හරිමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.