
(සුජිත් හේවාජුලිගේ)
විවිධ චෝදනා එල්ලවී ඇති රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක එම තනතුරින් නුදුරේදීම ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
ඒ සඳහා විශේෂ යෝජනාවක් අනුමත කර ගැනීමටද රජයේ අවධානය යොමුව ඇත.
ඇය මෙසේ ඉවත් කිරීමට සූදානම් වන්නේ රජයේ කටයුතු සඳහා දිගින් දිගටම සහාය නොදීම සහ ඇතැම් අවස්ථාවලදී කඩාකප්පල් කිරීම, පරිපාලනය දුර්වලතා, විවිධ අක්රමිකතා චෝදනා සහ රජයේ යම් යම් තොරතුරු විපක්ෂය ඇතුළු වෙනත් බාහිර පාර්ශ්වවලට ලබාදීම යනාදි කරුණු පදනම් කරගෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ඇමතිවරයෙකු පැවසුවේ ඇයගේ පත්වීම සම්බන්ධයෙන්ද යම් යම් පාර්ශව වලින් කාලයක සිට බරපතළ චෝදනා එල්ලවී තිබූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd