(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ගිනිගත් ගල කන්දේ රජයේ පයිනස් වගාවක අද (31) රාත්‍රී 8.00 පමණ විශාල ගින්නක් හටගෙන ඇති බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.
පිවිසීමට අපහසු දැඩි බෑවුම් සහිත රජයේ කැලෑ රක්ෂිතයක මෙම ගින්න පැතිර යන බවත් අඩි 20 ක 30 ක පමණ උස ගිනි දැල් දිස්වන බවත් ප්‍රදේශවාසීහු පවසති.

