වැලිගම ගම්වැසියෝ විරෝධතාවයක


(තරංග ගුණරත්න)

වැලිගම - අකුරැස්ස ප්‍රධාන මාර්ගය හරස් කරමින් වැලිගම ප්‍රදේශවාසීහු පිරිසක් අද (3 )  විරෝධතාවක නිරත වුහ.

වැලිගම උඩුකාව චාලිමවුන්ට් පෙදෙසෙහි  ඉඩමකට පෞද්ගලික ආයතනයක් සතු ගලි බවුසර් හලා දමා යන නිසා පාරිසරික ගැටලු රැසක් පැන නැගී ඇතැයි  පවසමින්  මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

වැලිපිටිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය අයත්  උඩුකාව කිතුලලගොඩ  පෙදෙසෙහි    පෞද්ගලික  ඉඩමි හිමිකරුවකු සතු අක්කර හතක පමණ  ඉඩමකට  ගලි බවුසර් හලා දමා යාමෙන් ගම්මානයේ පවුල්  30 ආසන්න  ජනතාවට පාරිසරික ගැටලු රැසකට මුහුණ ලක්ව ඇතිව ගම්මු පවසති.