(එම්. කේ. නන්දසේන)
රණ්මිනිතැන්න ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි කිහිපයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි.
සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නිධානයකින් ලබාගත් වටිනා රත්‍රං තොගයක් විකිණීමට ඇතිබව පවසා එය පෙන්වීම සඳහා පාලුනිවසකට පැමිණෙන ලෙසට දුරකතන ඇමතුම් ලබා දුන්බවට පුද්ගලයකු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ රත්රන් තොගයක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

