(ඩී.ජී.සුගතපාල)
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසු සිසුවියෝ පිරිසක් අද (03) සවස ගාල්ල නගරයේදි උද්ඝෝෂණයක නිරත වූහ.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබු උසස් තාක්ෂණ ආයතනය වත්මන් ආණ්ඩුව තාක්ෂණික හා නවෝත්පාදන අමාත්‍යංශය යටතට පවරාගැනීමෙන් අසාධාරණයක් සිදුව ඇති බව කී ඔවුහු එය නැවත උසස් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියහ.
මාගාල්ලේ සිට පාගමනින් බස් නැවතුම්පොළ දක්වා පැමිණි පිරිස සටන් පාඨ කියමින් ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් අවහිර කරමින් විරෝධතාවයේ නිරතවූහ.
ඩිප්ලෝමාව උපාධියට මාරු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. තම ඉල්ලීම් ඉටු වන තෙක් විරෝධතා පවත්වන බවද උද්ඝෝෂණයට එක්වු පිරිස කියා සිටියහ.




(ඡායාරූප - ඩී.ජී.සුගතපාල)


(ඡායාරූප - ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)

