(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ ජනතා පොළේදී රුපියල් 600,000කට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(05) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
එම පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 43යි මිලිග්‍රෑම් 490ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවෝ දෙදෙනා නුගේගොඩ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුද සිටින බවත් ඔහු සතුව මත්කුඩු ග්‍රෑම් 38ක් තිබූ බවත් පොලිසිය කියයි.
සතිපොළේ වෙළඳාමේ යෙදෙන වෙළෙඳුන්ට, බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට සැකකරුවන් මත්කුඩු විකුණා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

