(ලලිත් නවරත්න)
හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අද (02) සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පැවසීය.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් මරණයට පත්ව ඇතිබව රෝහල් පොලිසිය කීය.
මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ නල්ලදරන්කට්ටුවල පාංකුලාවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරුගේ සහ තවත් කාන්තාවකගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ත්‍රීරෝද රථයේ රියදුරු , මරණයට පත්වූ කාන්තාව , ඇයගේ දියණිය සහ අසල්වැසි කාන්තාවක් ත්‍රී රෝද රථයේ ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පුත්තලම දෙස සිට පැමිණි අනතුරට පත් වූ ත්‍රී රෝද රථයේ පසුපස තවත් ත්‍රීරෝද රථයක් ගැටී ඇති අතර පසුව අනතුරට පත්වූ ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.



