(දසුන් රාජපක්ෂ)
යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අද (5) සිට අන්තර්ජාලය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේදී ඇතිවන තදබදය අවම කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියා මාර්ගය ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් ප්‍රවේශපත්‍ර ලබාගත හැකි අතර නිකුත් කළ ප්‍රවේශපත්‍රවල වලංගුභාවය විද්‍යුත් ක්‍රමවේදයක් හරහා පරීක්ෂා කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

