(මනෝජ් හර්ෂික)
මාතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙබරවාරි මස (06) වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 8.00 සිට පසුදා (07) සිකුරාදා පෙරවරු 8.00 දක්වා පැය 24 කාලයක් පහත ප්‍රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව මාතලේ මහ නගර සභා සීමාව,A-9 මාර්ගයේ මාතලේ සිට පිල්ලිවෙල ප්‍රදේශය ,පළාපත්වල ප්‍රදේශීය සභා සීමාව,ඔය පහළ ප්‍රදේශය,කන්දේගෙදර ඉහළ කොටස ඇතුළුව මාතලේ ජල සම්පාදන ක්‍රමයෙන් ආවරණය වන සියළුම ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපැයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

