මෙරට මහවැලි කලාපවල සිටින වයස අවුරුදු 18-30ත් අතර තරුණ තරුණියන් සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය එක්ව වෘත්තිය පුහුණු ශිෂ්‍යත්ව පරිනැමීම හා ඒ පිලිබඳව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී අද (14) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකමාර දිසානායක මහතා , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් සරත්චන්ද්‍ර විතාන ,ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ
අධ්‍යක්ෂක නීතිඥ රවී ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර