මලපොල රක්ෂිතය ආසන්නයේ රජයේ පයිනස් වගාවක ගින්නක්


(ඩී.කේ.රත්න)

ඌවපරණගම මලපොල රක්ෂිතය ආසන්නයේ පිහිටි පයිනස් වගාවක අද (31) ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරයමින් පවතින අතර පොලිසිය කියයි.

වැලිමඩ අඩවි වන සංරක්ෂණ කාර්යාලයේ වන සංරක්ෂණ නිලධාරීන් , ඌවපරණගම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් දරා ඇතත් රාත්‍රී කාලය එළඹීමත් සමඟ ගින්න නිවා දැමීම අපහසු වී තිබේ.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම පයිනස් වගාවට ගිනි තබන්නට ඇතැයි ඌවපරණගම පොලිසිය කියයි.