(ප්‍රියන්ත ජයලත්)
පසුගිය රජය මගින් බදවා ගත් භාෂා පුහුණුගුරුවරුන්ගේ පුහුණුව ජනාධිපතිවරණය හේතුවෙන් අතරමඟ නවතා දැමීම නිසා එම පුහුණුව සදහා සහභාගී වූ එම පිරිසට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත් එම පුහුණුව නැවත ආරම්භ කරන ලෙසත් රජයට බලකරමින් පැවැත්වු උද්ඝෝෂණයක් අද (06) මා කුඹුර භාෂා පුහුණු මධ්‍යම ඉදිරිපිටදී පැවැත්විණි.
පසුගිය රජය මගින් 2019 සැප්තැම්බර් මාසයේ භාෂා පුහුණු ගුරුවරුන් 1300කට පත්වීම් ලබාදී ඇති අතර එම පිරිස මාස 6ක පුහුණුව සදහා මාකුඹුර භාෂා පුහුණු මධ්‍යස්ථානයට යොමුකර ඇත.
ඒ අනුව එහි පුහුණුව ලබමින් සිටියදී ජනාධිපතිවරණයට දින දෙකකට පෙර නිවාඩු ලබාදී නැවත දින දෙකකින් ආරම්භ කරන බවට රාජ්‍ය භාෂා පුහුණු මධ්‍යස්ථාන මගින් ඔවුන්ට දන්වා ඇත. එහෙත් මේ පුහුණුව ආරම්භ නොකිරීම නිසා එම පුහුණුව ලැබූ 1300ක පමණ පිරිසක් අතරමං වී ඇතැයි ඔවුහු පවසති.



