බීමත්ව බලපත් නැතිව යතුරුපැදි ධාවනය කළ දෙදෙනකුට දඩ


(උපාලි ආනන්ද)

බීමත්ව රියදුරු බලපත‍්‍රය සහ ලියාපදිංචි සහතිකය නොමැතිව යතුරුපැදි ධාවනය කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ විත්තිකරුවන්  දෙදෙනෙකුට මුදලින් 112,500 ක දඩයක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (5) නියම කළේය.

ඒ අනුව පදවිය බී එම් යූ විජෙරත්න බංඩාරට මුදලින් රුපියල්  57,500 ක දඩයක් සහ පදවිය බෝගහවැව දංගොල්ල ආදර්ශ  ගම්මානය ලිපිනයේ ජී චමින්ද ගුණසිංහ යන අයට මුදලින් රුපියල් 55,000 ක ද  දඩයක් නියම විය.

පදවිය පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරුන් වන (73120) සේනාරත්න සහ (69042) කරුණාදාස යන මහත්වරුන් සැකකරුවන් අධිකණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

පදවිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ආනන්ද මහතාගේ උපදෙස් මත එම පොලිසියේ රථ වාහන අංශයේ  නිළධාරීන් විසින් මෙම වැටලීම් සිදු කරනු ලැබිණි.