බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට


(රංජිත් රාජපක්ෂ) 

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් තේ වත්තේ විශාල වළක් හාරා අනවසරෙන් මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දමමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ තේ වත්තේ සැකකරුවන් පිරිස අනවසරෙන් මැණික් ඉල්ලම් පස් ගොඩ දමමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්, ගොඩ දමා තිබූ ඉල්ලම් පස් තොගයක් ද පොලිස් බාරයට ගැණිනි.

සැකකරුවන් අවුරුදු 50ත් 55ත් වයස් කාණ්ඩවල පසුවන එම වතුයායේම පදිංචිකරුවන් බවත්, ඔවුන් පෙට්රසෝ තේ වත්තේ ස්ථාන කිහිපයකම අනවසරෙන් මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටි අය බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.

සැකකරුවන්ට එරෙහිව පෙබරවාරි 11 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය සඳහන් කළේය.