(දියතලාව - ඩී.කේ.රත්න)
ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම නරඹමින් සිටි විදේශීය සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ විදේශීය සංචාරකයින් සිවු දෙනෙකු අද (01) හවස දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
ඕස්ටේලියානු ජාතික 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, එංගලන්ත ජාතික 21 හැවිරිදි කාන්තාවක, ජර්මන් ජාතික 36 හැවිරිදි කාන්තාවක් සහ අබුඩාබි ජාතික 21 හැවිරිදි කාන්තාවක මෙසේ බඹර ප්‍රහාරයට ලක්වී ඇත.
ආරුක්කු නවය පාලමේ බැඳ තිබූ බඹරයක් ඇවිස්සීමෙන් මෙම පිරිස ප්‍රහාරයට ලක්වී තිබේ.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ. අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

