(පාලිත ආරියවංශ )
බදුල්ල කයිලගොඩ නිවසක්තුළදි 48 හැවිරිදි කාන්තාවක් කපා කොටා ඝාතනය කළැයි සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (5) නියෝග කළේය .
සැකකරු එටදිනට හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා බදුල්ල පොලිසියට හා බදුල්ල බන්ධනාගාරයට නියෝග කළේය.
රවි අන්දප්පන් ගෞරීදේවී නැමති 48 හැවිරිදි දෙදරු මවකගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණය ට ඉදිරිපත් කර තිබුණේ බදුල්ල , බදුලුපිටියේ පදිංචි ලෝගනාදන් විද්‍යාඅනන් (31) නමැත්තෙකි .

