( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වයස අවුරුදු 17ක බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ,සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය .
2019 වසරේ දී මෙම අපයෝජනය සිදු වී ඇත්තේ වෙස් මංගල්‍යයක පුහුණුවීම් කරන අතරතුර රාත්‍රී කාලයක බවත් එම දරුවාට මත් මිශ්‍ර පානයක්ලබා දී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව,අනාවරණ වූ බව සභාපතිවරයා පැවසීය
සැකකරු 42 හැවිරිදි අයෙකි . මෙම සැකකරු මීට පෙරද මේ ආකාරයෙන් බාලවයස් දරු දැරියන් අපයෝජනයට ලක්කර ඇති බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය