මෙම මස ග්‍රහ ගමන යෙදී ඇති පරිදි ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය
මේෂ
- ප්‍රබෝධමත් සතියක්
ඔබට මෙම මස තුළ ප්‍රමෝදය හා ආශ්වාද විඳීම සඳහා අන්‍යයන් ගේ සමාගමයට ඔබ පත්වීම හා විවේක සුව පතා සංවාදයෙහි යෙදීමට යහපත් සුදුසු පරිසරයක් සැකසේ. ඔබගේ හැඟීම් හා සිතැඟිවලට අනුකූල වෙමින් පවුලේ අය හා ඇසුරු කරන්නන් ඔබ සමග සහයෝග වනු ඇත. සෞන්දර්ය රසාස්වාදය ද, සෞන්දර්යය හා කලාකෘති සඳහා දක්වන රුචිකත්වය ද, ඔබ කෙරෙන් වැඩිවනු ඇත.
වරද නිවරදි කෙරෙන මාසයකි. සුහද එකමුතු වටා පිටාවන් මේ තුළින් ඇති වේ. මෙම මස තුළ හටගන්නා ඔබගේ හැඟීම් හා අදහස් වැඩදායක සුවදායක ඒවා වනු ඇත. විනෝද කටයුතු සඳහා සුදුසු කාලයෙකි. ඔබට සෙනෙහැති අය ඔබගේ වැඩට සහයෝගය දක්වයි. කෙසේ වෙතත් ඔබ මෙම මස මුල් සති දෙක තුළ ආත්ම දමනයෙන් හික්මීමෙන් කටයුතු කළ යුතුවේ. අභියෝග භාර ගනිමින් බොහෝ කටයුතු අවසන් කිරීමට හැකි වේ. ඉක්මන්කාරී කලබලය නිසා ගැටුම් මතභේද කටුක නොසරුප් බසින් කරන අදහස් හුවමාරුව නුවණ අනිසි ලෙස මෙහෙයවීම මෙම මස තුළ ඇතිකරන අනිටු විපාක වේ. සූර්යයාගේ ගමන පරිදි මනසට නැවුම් ප්රබෝධයක් දැනෙන බැවින් බොහෝ වැඩ කටයුතු උද්යෝගයෙන් හා උනන්දුවෙන් අවසන් කළ හැකිවේ.
යමක් අරඹා දියුණු කිරීමට ඔබ තුළ ඇති කැමැත්ත හා හැකියාව දක්වා සිටීමටත් මෙය හොඳ මාසයකි. ඔබ ගේ අදහස් මතවාද සාකච්ඡා මගින් අනුන් වෙත ඒත්තු ගැන්වීම පහසු වේ. උඩඟු කලබලයෙන් වාද විවාදයට එළඹීමෙන් ඔබගේ අරමුණු ඉටුකර ගැනීමට බාධා විය හැකි බැවින් එවැනි දෙයින් වළකින්න. අවසන් සතිදෙක තුළ උද්යෝගය උනන්දුව ක්‍රියාශීලී භාවය ඔබ තුළ මැනවින් ගොඩනැගෙනු ඇත.
වෘෂභ
- සිතේ කැලඹිලි
ඔබ මෙම මාසය තුළ බරපතළ කල්පනාව හුදකලාව සබඳතා හා ආශ්‍රයන්හි දුරස්වීම් කෙරෙහි අවබෝධයෙන් එවැනි තත්ත්වයන්ට ලක් නොවන පරිදි කටයුතු කරන්න. සියල්ල වරදිනවා කිසිම වගතුවක් නෑ යි සිතමින් දොම්නසට උදාසීනතාවට පත් නොවන්න. තියුණු විචාරාත්මක සිතින් වෙහෙසී වැඩ කරනු වෙනුවට නිස්කලංකයෙන් ගත කිරීම හිතකර වියහැක. නිශ්ප්රයෝජන ගමන් බිමන් කොන්ත්‍රාත් ව්‍යාපාර ගිවිසුම් මිලට ගැනීම විකිණීම් වැනි ව්‍යාපාර වාණිජ කටයුතුවලින් ද වැළකී සිටින්න.
මෙය ඔබේ ගතට සිතට සහනය සතුට පහවයන දෑ සිදුවන මාසයක් බවට පත්වේ. දරු ශිෂ්‍යයන් සිටීනම් ඔවුන්ට අසනීපාදී අපල සහ හිතුවක්කාරවීම් ද පෙන්නුම් කරයි. හිසේ බඩේ උෂ්ණකාරී ස්වභාවයක් ද මතුවන අතර සිරුරේ ඌෂ්ණාධිකකම අධිකවීම හේතුවෙන් හටගන්නා රෝගයන්ට ලක්වේ. සිතට කයට පීඩාදායකයි. ලැබුණු මිළමුදල් අවහිරවේ. සතුරන් සමග ආරවුල් මතු වේ. සතුරන් නිසා සිතට බයක් ඇති වේ. සිත් කැලඹිල්ලක් වුවත් ඇතිවීමට හේතුයි.
රාජකාරී ස්ථානය තුළ දී මෙන්ම වෙනත් කාර්යය කටයුතූවලදී මෙන්ම උසස් අයගෙන් තමාට චෝදනා අගෞරවය ලැබේ. නැතහොත් උසස් අය හා ආරවුල් ඇති වේ. විනෝදවීමට අවශ්‍ය දේ ලැබෙන අවස්ථා යෙදේ. ඒ නිසාම වියදම් අධික වේ. ඒ ඒ වෙලාවට ඇති ආශාව නිසා කරන දෙයට පවා ප්‍රමාණය ඉක්මවා ඇබ්බැහිවීමට ඉඩ තිබේ. වේගවත් සිතුවිලි හා අනුන් සමග අදහස් හුවමාරුව නිසා අදහස් හා කටයුතු අතින් සංවේදී නොවී පරෙස්සම් වන්න. විරෝධතා මතභේද ගැටුම් ආදියට මුහුණ දීමට සිදු විය හැක. ඉක්මන් තීරණවලට නොඑළඹෙන්න.
මිථුන
- මුදල් ලාභ
අඩපණව පැවැති ඉපැයීම් මාර්ග මෙම මස තුළ ශක්තිමත් කර ගත හැකි වේ. එසේම තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවල වැඩි දියුණුවක් සැකසෙන අතර රාජකාරියට හා ව්‍යාපාරික ස්ථානවලට අදාළව පැවැති ගැටලුකාරී ස්වභාවයන් මෙන්ම අවිනිශ්චිතතාවන් ද පහව ගොස් සැනසිලිදායක බවක් ඇතිවේ.
දියුණුවට කටයුතු සැලසේ. ධන ලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ රෙදිපිළි ඇඳුම් පැලඳුම් ලාභ ලැබෙන මාසයකි. ආදර බන්ධනවලින් ප්‍රීතිය ද සැනසීම ද ඒවා දියුණුවට යාම ද ස්ථිරවීම ද සිදුවේ. ගෙදර දොර කටයුතුවලින් ප්‍රීතිය ද නිදහස ද වාසනාව ද ලැබේ. විරුද්ධ ලිංගිකයන් සමග ද හොඳ හිතවත්කම් හොඳ ඥාති සම්බන්ධකම් පවත්වන්ට ඉඩ ලැබේ. සමාජයෙහි තමාට හොඳ තැනක් හොඳ සැලකිල්ලක් ලැබෙනවා ඇත. මිත්‍රයන්ගෙන් මිතුරියන්ගෙන් ස්ත්‍රීන්ගෙන් උපකාර ද ලාභ ද තෑගි ද ලැබෙන කාලයකි. කරන කියන රැකීරක්ෂාවලින් ද වෙළහෙළඳ ව්‍යාපාරවලින් ද ලාභ ලැබෙන කාලයකි. භෝජන සංග්‍රහ ප්‍රීති උත්සව ආදියට සහභාගිවීමට ලැබේ. අලංකාර ලෙස ප්‍රසිද්ධ ලෙස හැසිරීමට ද ගමන් යාමට ද සිදුවේ. ප්‍රසිද්ධියට කටයුතු සැලසේ. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා හෝ බිරිඳ ස්වාමියා සමග සංචාරක විනෝද ගමන් බිමන්හි ඔබට වැඩිපුර නියුතු වීමටත් අවස්ථාව මෙම මස තුළ වැඩිපුර ඉඩ ප්රස්ථා සැලසේ.
එසේම මෙම මස මුල් දින 10 තුළ ඔබට ධන හානි ද ලෙඩ දුක් ද අන්‍ය විපත්ති ද ඇති කරයි. ගෘහ සංවිධානයෙහි අවුල් ද ඇති වෙයි. එබැවින් මෙම මාසය තුළ ඔබ සැකයෙන් සාංකාවෙන් අවිනිශ්චිත බවින් යම් යම් දේට සම්බන්ධ නොවන්න. දුරදිග නොබලා කතා කරන්නට යෑම නිසා හෝ ඇතැම් තීන්දු තීරණ නිගමන ක්‍රියාත්මක කරන්නට යෑම නිසා හෝ යම් යම් අලාභ පාඩු සිදුවෙයි. කම්මැළි උදාසීන ගති මතුවන අතර උනන්දුව උද්යෝගය පහව යෑමක් ද තමා කෙරෙන් පෙන්නුම් කරන නිසා ඊට නතු නොවන්න.
සිංහ
- ව්‍යාපාර දියුණුව
රවි ග්‍රහයාගේ ගමන මත විශේෂයෙන් ඔබගේ සිත තුළ දින කිහිපයක් තිස්සේ පැවති අදහසක් ඉටු වෙයි. අමනාපව සිටි පිරිසක් මිත්‍ර වන තැනට කරුණු යෙදේ. අනපේක්ෂිත මුදල් අතට ලැබේ. යම් යම් ප්‍රශ්න නිසා යටපත්ව පැවතියත් තමාට හිමිවීමට තිබූ උරුම හිමිකම් අයිතිවාසිකම් ලැබෙන තැනට කටයුතු පිළියෙල වේ. රාජකාරි කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට ඔබට හැකි වන්නේය. රාජකාරි ස්ථානය තුළ ඔබට සතුරුකම් කළ අයටත් ඔබේ ආධාර උපකාර අවශ්‍ය වන මාසයකි. ව්‍යාපාර කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යා හැක.
විවේක නිස්කලංකය සඳහා කරන සංචාර සතුටුදායක වනු ඇත. අනාගත සැළසුම් හා බරපතළ කරුණු ගැන අන්‍යයන් සමග කතා කිරීම මෙන්ම ඒ සඳහා ක්‍රියාත්මකවීම ද ඵලදායක වනු ඇත. වෙහෙසී වැඩ කිරීමට ශක්තිය හා උනන්දුව ඇතිවේ. සාර්ථක ස්ථාවරයක සිට කටයුතු කිරීමෙන් සතුරන් හා විරුද්ධවාදීන් මැඩලිය හැකිවේ. නිරෝග සුවය ශක්තිය හා ධෛර්යය ඇතිවේ. ඒවා පලදායී අයුරින් යොදාගන්න. බොහෝ කරුණු ඉටුකර ගනු ඇත. මෙම මාසය හොඳ තත්ත්වයක් පෙන්නුම් කරයි. ක්‍රියාශීලී ජීවිතයකි. අරඹා ඇති කටයුතු නිම කිරීමට කටයුතු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. පෙම් බැඳුම් සඳහා හිතකර කාලයකි. ගරු කටයුතු බවෙන් හා වාසනාවෙන් ජීවිත දියුණුවක් ඇති වේ.
එසේම මෙය පුරුෂයන්ට ස්ත්‍රීන් සමගත් ස්ත්රීන්ට පුරුෂයන් සමගත් හොඳ හිතවත්කම් සබඳකම් ගොඩනගාගන්ට ලැබීම සිතට සැනසීමක් ඇති කාලයක් වීම සමාජීය වශයෙන් දියුණුවක් ඇතිවීම ලාභ ප්‍රයෝජන ලැබීම, පින් කිරීමට ආශාව ඇතිවීම, සිත් සතුටට කරුණු යෙදීම, දරු ශිෂ්‍ය ලාභ ලැබීම හෝ ඔවුන්ගේ දියුණුව ඇතිවීම ආදී ශුභ ඵල ඇතිකරන මාසයක් වේ.
මකර
- අලුත් ආදායම්
ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් මාසය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ රවි ග්‍රහයා 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන මාසයකි. ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.
පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. සහෝදර සිත් අමනාපකමක් ඇති වන අන්දමේ කටයුතු කිපයක් යෙදීමට ඉඩ ඇත. එමෙන්ම මෙය හදිසි ආදායමකට මග සැලසෙන මාසයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරයි. අවසන් සති දෙක මෙතෙක් පැවැති අවිවේකී බව මගහැරී යමින් පවතින අතර නිතර පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට මෙන්ම එදිනෙදා කටයුතුවලට අත හිත දීමටද සිදුවෙයි. නිතර ඇවිදිලි ඇති කරන මාසයකි. වාසි සැලසෙන විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.
ඔබට මෙම මස තුළ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙනදේ. ගමන් බිමන්වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම් සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. ආදායම් හොඳින් ලැබේ. කරගෙන එන කටයුතුවලින් මෙන්ම අනපේක්ෂිත ක්‍රමයකින් හෝ අනුන්ගෙන් ලාභ ලැබේ. එබැවින් ලාභ බලාගෙන කරන කටයුතුවලට යහපත් කාලයකි. ආදායම් වැඩිකර ගත හැකි මාර්ග ගැන කල්පනා වෙයි. ඔබට නව රැකියා ව්‍යාපාර කරගෙන යාමට සිදුවන්නේ යම් යම් අවහිර බාධාවන් මධ්‍යයේය. කෙසේ වෙතත් තම රැකියාවට හා ව්‍යාපාරයන්ට අදාළව පැවති අවිනිශ්චිත ස්වභාවයක් පහව යයි. හදිසි අනතුරු හෝ අතරමග කරදරයක් වුව ඇතවීමට ඉඩ තිබෙන මාසයක් ද බැවින් ගමන් බිමන්වලදීත් ආරක්ෂාකාරී වන්න.
කටක
- අභියෝග ජයගැනීම
ඔබගේ ලග්නය පරිදි සූර්ය ගමන මත සුබාසුබ මිශ්රපල ගෙන දෙන අතර ඔබට මෙම මාසය තුළ අභියෝග ජයගෙන අවහිර බාධක මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට පිළිවන්කම ලැබේ. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවේ.
ඔබට ආර්ථික හා දේපළ වශයෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙල වන, රාජකාරිය ක්‍රමවත් භාවයට පරිවර්තනය වන, ගොඩගැසී තිබූ වැඩ කටයුතු රැසක් ඉක්මන් වීමට නිම කිරීමට පසුබිම සැකසෙන මාසයක්ද වේ. එබැවින් මුල් සති දෙක සතුරන්ගෙන් ඇතිව තිබූ කරදර හා විපත්තිවලින් නිදහසත් සැනසීමත් ලැබෙනු ඇත. පරම්පරාගත දේපළ ගනුදෙනුවක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. අසල්වාසී සුහදතාව හෝ හිතමිතුරු සබඳතාව තහවුරු වන සති දෙකකි. නැතිවී ගිය රැකී රක්ෂා නැවත ලැබේ. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ. විශේෂයෙන් මෙය ඔබ තම අනාගත දියුණුව ගැන සිතට ගෙන වැඩ කටයුතු කරන සති දෙකකි. වරින් වර හොඳ මිතුරන් ලැබෙයි. අමුතුවෙන් ආරම්භ කරන රැකී රක්ෂාවලින් දියුණුව ඇති වේ. එහෙත් කලක සිට කරගෙන ආ රැකී රක්ෂා කටයුතුවලට උනන්දුව අඩු වේ. සතුරන් ඊර්ෂ්‍යාකාරයන් ද ඇති කිරීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේසම් විය යුතුයි. ස්ත්‍රීන් නිසා ගැටලු පැටලිලි ඇති වෙයි. ඉඳහිට වරින් වර වාසනාව මතුවෙන බවක් ද දක්නට ලැබේ.
පොදුවේ ඔබට මෙම මාසයේ අවසන් දින පහළොව තම කටයුතු පසෙක දමා අනුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එමෙන්ම දුර දිග නොබලා කරන කතාවලින් ද වැළකිය යුතු කාලයකි. අනුන් වෙනුවෙන් වියදම් කිරීමටත් සිදුවේ.
තමන්ට ඉතා හිතවත් ප්‍රයෝජනවත් හිතවතුන් හිතවතියන් වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය එක්තරා ප්‍රමාණයකින් වැය කිරීමටත් සිදුවෙයි. පොදුවේ හවුල් කටයුතුවලට යොමුවීමට මෙය ශුභදායක මාසයක් නොවේ.
ධනු
- සිතේ නොසන්සුන්තා
මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ මස තුළ මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. විශේෂ හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති මාසයකි. ඒත් සමගම සිතේ නොසන්සුන්තාවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි.
අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින්ටත් සිදුවෙයි. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. මුල් සති දෙක අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. අවිවේකී මාසයක් වන මේ මස අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමෙන් නොසිතූ ලාභ ප්‍රයෝජනයක් අත්පත් වේ. ඔබගේ ධන-අය භාවාධිපතීන් බලයෙන් යුක්තව හැසිරෙන බැවින් මෙම මාසයේ ඔබට මිල මුදල් අතින් අග හිඟ වන්නේ නැත. එබැවින් මෙම මාසය තුළ තම මුල්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීමට පසුබිම සැකසේ. විකිණීම් මිලයට ගැනීම් ආදියකින් කිසියම් ලාභයක් ද ලැබෙනු ඇත.
උරුම හිමිකම් ප්‍රශ්නයක් විසඳේ. තම රාජකාරි කටයුතු ක්රමවත්භාවයකින් යුතුව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ස්වයං රැකියාවල හා ව්‍යාපාරයන් හි නිරත වන ඔබට මෙම මාසයේ දී වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. සෞඛ්‍ය හෝ කලාත්මක ක්ෂේත්රයේ රැකියා ව්‍යාපාරවල නිරතවන්නන්ගේ හා අපේක්ෂා කරන්නන්ගේ අරමුණු සපල වෙයි. සතුරු පීඩා කෙරේ ජුනි අවසන් සතියේ දී වඩාත් සැලකිල්ලෙන් පසුවන්න.
කන්‍යා
- තනතුරු හා නිලතල
මෙම මස මුල් සති දෙකට වඩා අවසන් සති දෙක සුබදායි අයුරින් ගතවේ. විශේෂයෙන් කිවයුතු වන්නේ ඔබට මෙම මාසය දිවියේ දියුණුවට කටයුතු සැලසුණත් ධනලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ මෙන්ම රෙදිපිළි ඇඳුම් පැලඳුම් ලාභ සමගම ස්ථාන තනතුරු නිලතල ලාභ ප්රයෝජනයන් හා වරප්‍රසාද ගෙනදුන්නත්, මාසය පුරාම ඔබට සැකයෙන් අවිනිශ්චිතභාවයෙන් කටයුතු කරන්නටත් සිදුවේ. විශේෂයෙන් විවාහ දිවියට එවැනි තත්ත්වයක් මතුවන සිදුවීම් ද මුල් සතිදෙකේ දී උද්ගත වේ.
පොදුවේ ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවන දෑ සිදුවේ. මාසය ගතවීමට පෙර හිතවතකුගෙන් ආදර සංග්‍රහයක් ද ලැබේ. සමහර විට විශේෂ ත්‍යාගයක් හෝ උදව්වක් ලැබේ. මෙය අවශ්‍යතා පිරිමැසීමට කෙසේ හෝ මිල මුදල් ලැබෙන කාලයකි. අධ්‍යාපන රැකියා ක්ෂේත්රයේ කටයුතුවලට බාධක නොයෙදේ. උගත් දෙයට නිසි පල ප්‍රයෝජන ලැබෙනු ඇත. ගෙදර දොර කටයුතු පිළිබඳව ප්‍රීතියට කරුණු සැලසේ. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිබඳ ලාභයක් හෝ ලැබෙනවා ඇත. අලංකාර වස්තු ලැබෙන කාලයකි. හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් උදව් උපකාර ලාභ ප්‍රයෝජන ලැබෙන හිමිවන මාසයක් ද වේ.
මෙය උද්යෝගීමත්ව ධෛර්යයෙන් දෛනික කාර්ය කටයුතුවල නියුතුවිය හැකි සති දෙකකි. මුල් සති දෙක හවුල් ව්‍යාපාරවල ගැටලු මතු නොවුණත් විශේෂයෙන් ඔබ නිරත රැකියා ව්‍යාපාර වගකීමෙන් සැලකිල්ලෙන් කරන්න. විවාහ යෝජනා රැකී රක්ෂා තනතුරු රැකියා පොරොන්දු ණය ගනුදෙනු අපේක්ෂා මූල්‍ය සැලසුම් වැනි දේවල් කඩාබිඳ වැටීමට ද නැතහොත් ඒවාට බාධා සිදුවීමට ද මෙම මස මුල් දිනවල හේතු යෙදේ.
තුලා
- කරදර හා පැටලෙයි
ඔබගේ රවි මෙන්ම සිකුරු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම මාසය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවෙයි. දෛනිකව ඔබට ලැබෙන මුදල් බලාපොරොත්තු රහිත වියදම් යෙදීමෙන් නාස්තිවී යයි. බොහෝ විට මෙම මාසයේ දී සමාජයේ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු කතාබහ ආදියේ දී නොසැලකිලිමත්කමින් නොයෙක් කරදර පැටලිලි ඇතිකර ගනී. එනිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. එවැනි තත්ත්වයන්ට පත් නොවීමට වගබලා ගන්න.
ආයතනය තුළ හෝ වේවා වෙනත් සමාජීය කාර්යයන්හි දී හෝ වේවා විරුද්ධවාදීන් මගින් තමාගේ නම නරක්වන විදියේ ප්‍රචාරයක් යවයි. විශේෂයෙන් ස්ත්‍රීන්ගෙන් විවිධ කරදර ඇති කරයි. එහෙත් ව්‍යාපාරික ක්ෂේත්රයේ නිරතවන්නන්ට දියුණුවට කටයුතු සැලසේ. ආයෝජන අවස්ථා ගොඩනැගේ. විවාහ දිවිය හා ප්‍රේම දිවිය ශුභඵලදායි නොවුණත් ජීවිතයේ අනෙක් කාර්යයන්හි ප්‍රගතියක් මෙම මාසයේ දී ඇති කරයි.
අවසන් දින 10 තුළ අළුත් මිත්‍රයන් ලැබේ. වෙළඳ ව්‍යාපාර කරන අයට ඒවායින් දියුණුව ඇති වේ. සතුරන්ගෙන් ජය ලැබේ. බලාපොරොත්තු ඉෂ්ටවීම ද එයින්ම ලාභ ලැබීම ද නියමයි. අළුත් ලාභ ලබාගැනීමේ ක්‍රම සිතෙයි. එසේම නැවුම් බලාපොරොත්තු ඇතිකර ගැනීමටත් මෙය ඉතාම හොඳ දින කිහිපයකි. සහෝදරයන්ගෙන් සහ අසල්වාසී මිත්‍රයන්ගෙන් උපකාර ද ලැබේ. අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. ස්ත්‍රීන්ගෙන් උපකාර ලැබේ. බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලැබේ. ප්‍රසිද්ධ වේ. ගරු සැලකිලි ලැබේ. ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ලැබේ. ද්‍රව්‍ය ලාභ ලැබේ. කරදරයකින් නිදහස ලැබේ. වැදගත් අය සමග ආශ්‍රයට ඉඩ ලැබේ. එසේම උසස් කෙනෙක් තමා හමුවීමට පැමිණේ. නැතහොත් උසස් කෙනෙක් හමුවීමට තමාට යාමට සිදුවේ. මෙය සැනසිලිදායක කාලයකි.
වෘෂ්චික
- ප්‍රේම සබඳතා
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් මාසය ආරම්භ වන අතර හවුල් කටයුත්තකට අත ගැසීමට සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුවෙයි. නිතර පවුලේ වැඩිහිටියන් සමග බහින් බස්වීම් ඇති කරගන්නා කාලයකි. මාසය මැද භාගය වන විටදී මෙතෙක් නීති ගැටලුවකට මැදිව තිබූ දේපළක් සම්බන්ධ නිරවුල්තාවයක් ඇති කරයි.
පොදු ග්‍රහබලය මත විවිධ අවහිර බාධා වැඩකටයුතු ප්‍රමාදවීම් මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවුවත් මුල් දින දහය කරදර සිත් තැවුල් හා දුක් සහිතව ගත නොවේ. එහිදී ඔබට ඔබට මෙම මාසය පුරාවටම මෙන් මිල මුදල් ලාභ මෙන්ම විවිධ ද්‍රව්‍ය ලාභ, සුඛෝපභෝගී භාණ්ඩ වැනි දේ ලැබේ. ඒවා උපයා සපයා ගැනීමටත් පිළිවන්කම ලැබේ. අවිවාහකයන්ට විවාහ යෝජනා හෝ ප්‍රේම සබඳතා ගොඩනැගීම් ගෙන දෙන්නේය. තරුණ තරුණියන්ට විවිධ තෑගි භෝග වැනි දෑ ලැබේ. එසේම සමාජමය හා මුදල්මය වාසි ප්‍රයෝජන ද අත්වේ. මෙය ඔබ පහසුවෙන් අන්‍යයන් ගේ ආකර්ෂණයට ලක්වන මාසයකි. ගෘහ ජීවිතය සාමකාමී වේ. ඉගෙනීමට ආශාව ඇතිවේ. පවුලේ අය සමග විනෝද ගමන්වල යෙදීමට අවස්ථාව සැලසෙන අතර සමගිය සමාදානයත් ඇතිවේ.
නොසොයා නොබලා කරන වැඩ හේතුවෙන් මෙම මාසය සිතට දුක් කරදර සහිතය. සතුරන්ද ඇතිවේ. මූලික අවශ්‍යතා හිඟ වේ. භාර්යාව සමග හෝ අන්‍ය පවුලේ සිටින ස්ත්‍රීන් සමග ආරවුල් කර ගනී. ගෙදර ස්ත්‍රීන් නැත්නම් ඇසුරු කරමින් සිටින අන්‍යයන් සමග හෝ අවුල් කරගනී. සමාජයෙහි ආශ්‍රය කරන අය සමග ඇති වන ගනුදෙනු කතා බහ ආදියෙහි දී නොතේරුම්කමක් හෝ මෝඩකමින් නොයෙක් කරදර පැටලිලි ඇති කරගනී. නම නරක් වේ. ස්ත්‍රීන්ගෙන් කරදර ඇති වෙන කාලයකි. නිකරුණේ කාලය නොගෙවා නිතර වැඩක යෙදෙමින් අනාගත සුබසිද්ධියට යමක් කරගැනීමට උනන්දු වන්න.
කුම්භ
- අලුත් සබඳකම්
කුම්භ ලග්නය හිමි ඔබට මෙම මාසය තරමක අවිවේකී වුවත් මේ මාසයේ වැඩ කටයුතු පිළිවෙළකට කර ගත හැකි බවක් පෙන්නුම් කරයි. නොදැනුවත්කම හේතුවෙන් සිදුවන්න ගිය අලාභයක් වළකා ගැනීමට හැකිවන කාලයකි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. මාසය මැද කාලය වන විට පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවෙයි.
ණය ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් සම්බන්ධවීමට මග සැලසේ. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ විය හැක. මෙය ලැබීම් අතින් යහපත් මාසයක් වන අතර පවුලේ කටයුතු සුබදායක ලෙස කරගෙන යාමට අවස්ථාව සැලසෙන මාසයකි. අලුත් ඥාති සබඳතාවලට කටයුතු සැලසෙන කාලයක් මෙන්ම ප්‍රයෝජනවත් දුර ගමන්වලට ද හේතු යෙදේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. දරුවකුගේ සුබ සිද්ධිය වෙනුවෙන් අලුත් පියවර කීපයක් ගැනීමට අවස්ථාව සැලසේ. යටපත් වූ ලේ දූෂ්‍ය රෝග, සමේ රෝගී තත්වයක් නැවත මතුවිය හැකි කාලයක් ද බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. හදිසි සැලසුම් කීපයක් වෙනසකට ලක් කරමින් මාසය අවසන් වෙයි.
මීන
- රැකියා අර්බුද
වෙනදාට වඩා ගේ දොර කටයුත පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් හිතවතකු හමුවීමට මග සැලසෙන මාසයකි. මෙම මස තුළ ඔබට ගතට සිතට සැපත සතුට ගෙනදෙන කාර්යයන් රැසක් සිදුවන්නේය. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.
විශේෂ හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. මේ අතරට සිතේ නොසන්සුන්තාවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. පැවති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. මුල් සති දෙක තුළදී අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.
පොදුවේ ඔබට මේ මාසය සතුට දනවන මෙන්ම අසතුට ද ඇතිවන මිශ්‍ර ඵලවලින් යුතු මාසයකි. අධ්‍යාපන, රැකියා මෙන්ම ආර්ථික වශයෙන් ශුභදායි වෙනස්කම් ඇති කරයි. එනමුදු ප්‍රේම දිවියේ හා යුග දිවියේ ගැටලු ප්‍රශ්න කෙරේ අවධානයෙන් පසුවන්න.
එබැවින් ඔබට මෙහිදී ආර්ථික හා දේපළ කෙරෙන් යම් යම් ලාභ ප්රයෝජනයන් සැලසේ. තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ වැඩි දියුණුවට ස්ථාවරභාවයට විශේෂ යමක් සිදුවේ. හවුල් ව්‍යාපාරවල යෙදෙන්නන්ට අතමිට සරුවන මාසයකි. ස්වයං රැකියාවලට විවිධ බාධක යෙදේ. යුග දිවියේ මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම්වලට අදාළව අනපේක්ෂිත අයුරින් අර්බුදකාරී තත්ත්වයක් මතුවන නිසා මෙම මස තුළ ඒ කෙරේ අවධානයෙන් පසුවන්න.
බෙන්තොට - හේමන්ත වීරසිංහ