IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


මොරවැව ආණ්ඩු පක්ෂ තේ පැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කරයි

(අමදෝරැ අමරජීව )

ජාතික ජන බලවේගයට බලය හිමි මොරවැව ප්‍රාදේශීය සභාවෙහි මංගල සැසිවාරය පැවැති අද සභා රැස්වීමෙන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහය විපක්ෂය  වර්ජනය කිරීම විශේෂත්වයක් විය.

ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක කළුපෙරුම මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සභාවේ අරමුදල් භාවිතා නොකර සභිකයන්ගේ පුද්ගලික මුදල්වලින් මෙම තේ පැන් සංග්‍රහය සූදානම් කර එයට විපක්ෂයට ආරාධනා කර තිබුණි .

මංගල සැසිවාරයෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහය වර්ජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දැනට නායකත්වය දරන යූ.එම්.කේ.ජී.රත්නායක මහතා පැවසුවේ සභා අරමුදල් භාවිතා නොකර පුද්ගලික වියදමින් තේපැන් සංග්‍රහය පැවැත්වීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැති බවය.

ජනතා අරමුදල් අවභාවිතා කිරීමට තම කණ්ඩායමද විරුද්ධ බවත් පුද්ගලික මුදලින් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට තම කණ්ඩායමද හවුල් කර නොගැනීම නිසා එයට විරෝධය දැක්වීමක් කළ බවය.

 



අදහස් (8)

මොරවැව ආණ්ඩු පක්ෂ තේ පැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කරයි

Perera Friday, 06 June 2025 12:34 AM

කුහකකමයි ඉරිසියාවයි

:       1       1

maalaka Friday, 06 June 2025 05:39 AM

මෝඩකමයි, උද්දච්ඡකමයි තමයි අපේ අයට සමගියෙන් ශිෂ්ඨ ජාතියක් ලෙස ඉදිරියට යාමට ඇති ප්‍රධාන බාධකය.

:       1       2

Kusumapala Friday, 06 June 2025 07:43 AM

බිම් මට්ටමේ දේශපාලනය තුළ පවා තම ජනතාවට සේවය කිරීමේදී විපක්ෂයේ පටු ආකල්ප පිළිබිඹු කිරීම.

:       5       7

රුවන් Friday, 06 June 2025 07:52 AM

ඒ අය තේ බොන්නේ නෑ, පුන්නක්කු සමඟ මඩ වතුර විතරයි ලු.

:       5       7

Bunny Preena Friday, 06 June 2025 09:13 AM

බොහොම හොඳයි .අවවාදයට වඩා ආදර්ශය උතුම්ය

:       1       8

ලූට මූස් Friday, 06 June 2025 09:47 AM

මේක දුන්නෙ ආණ්ඩු පක්ෂය, දෙන එකා නෙවෙයිද වියදම් දරන්නෙ? එකකොට මගුල් ගෙදරට එන ආරාධිතයන්ගෙනුත් සල්ලි කලින්ම ගන්න ඕනද?

:       5       5

Rata Perata Friday, 06 June 2025 11:35 AM

මොවුන් සහ මොවුන්ගේ මහ එකාට අපේ සල්ලි කෝටි ගණන් කාබාසිනියා කරන කොට හොඳයි. තේ එකකට සල්ලි වියදම් කරන කොට දුකයි. මේ අයට ඡන්දෙ දුන්නු මිනිස්සු මෝඩයෝ...

:       2       1

prasanna Friday, 06 June 2025 04:11 PM

මේවා අපේ රටට පුරුදු කළේ ජෙප්පෝ. පාර්ලිමේන්තුවේ තේ සංග්‍රහය ... මෙයාලා හැමදාම මගහැරමින් යනවා. කොහොමත් තව මාස 06ක් පමණ ගතවෙන කොට වට්ටක්කා සහ කරවල හොදි කන්න ලැබේවි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 284 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 456 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site