නෙදර්විල් කඳුවැටියේ ගින්නක්


(දියතලාව - ඩී.කේ.රත්න)

ඇල්ල හෙල හල්පේ නෙදර්විල් කඳුවැටියේ අද (1) හවස ඇති වූ හදිසි ගින්නකින් එම කඳුවැටියේ අක්කර 4ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

නෙදර්විල් කඳුවැටියේ ඉහළ ප්‍රදේශයේ මෙම ගින්න පැතිරයමින් පවතින මෙම ගින්න නිවා දැමීමට එම ස්ථානයට ලඟාවීමේ දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති අතර පවතින වියළි කාලගුණයත් සමග මේ වන විටත් සීඝ්‍රයෙන් ගින්න පැතිරයමින් ඇතැයි පොලීසිය කියයි.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කඳුවැටියට ගිනි තබන්නට ඇතයි පොලිසිය සැක කරයි. ඇල්ල පොලීසිය හා ප්‍රදේශවාසීහු මෙම ගින්න නිවා දැමීමේ මෙහෙයුමක නිරතව සිටිති.