(ශාන්ත චන්ද්‍රසිරි)
පසුගිය රජය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට යෝජිත නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල කඩිනමින් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා වෙත ප්‍රීඩෝ සංවිධානය හා උඩරට වතු කම්කරුවෝ පිරිසක් එකතුව අද (05) ලිපියක් භාරදුන්හ.
මතුරට, නිල්දණ්ඩාහීන්න, තලවකැලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, නෝවුඩ් යන ප්‍රදේශයන්ගේ මෙම නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආරම්භ කිරීමට යෝජිතව තිබේ.
වැඩි ජන සංඛ්‍යාවක් ජීවත්වීම, සේවා සැපයීම සඳහා ආවරණය කළයුතු භූමි ප්‍රමාණය විශාලවීම හා ප්‍රවාහන අපහසුතා ආදී දුෂ්කරතා මඟහරවා ගැනීම උදෙසා මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්ථාපිත කිරීමට පසුගිය රජය විසින් තීරණය කර තිබිණි.
මෙය කාලෝචිත ගැටලුවක් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර කඩිනමින් කටයුතු කරන බව මෙහිදී නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා කීය.
එම පිරිස උඩරට වතුකරයේ 20,000 ක පමණ පිරිසකගේ අත්සන් සහිතව මෙම ලිපිය දිසාපතිවරයා වෙත බාරදුන්හ.

