(ඩී.ජී.සුගතපාල)
තීරු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස විදේශයක සිට මෙරටට ගෙන්වන ලද සිගරට් 8360ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(06) රුපියල් 25,000ක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියමවුයේ කාරියවසම් හේවාමානගේ කවිෂ්ක ලක්ෂාන් නමැති විත්තිකරුවෙකුටය.
ඔහු අලෙවිය සඳහා මෙම සිගරට් තොගය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කටුගොඩ ප්‍රදේශයේදි ඔහුව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදී තිබිණි.
වරාය පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා සමග සැරයන් දහනායක (20484) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

