නිවසකින් යුද හමුදා ඇඳුම් කට්ටල-උණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් හමුවෙයි


 

(ටෝනි කරුණානායක) 

වේයන්ගොඩ කුඔල්ඔළුව , ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී-56 මැගසින් එකක් සහිත උණ්ඩ 30 ක්,  යුදහමුදා  ඇදුම් කට්ටල 03 ක් සහ කඩුවක්  අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත එම නිවස පරික්ෂා කිරිමේ දී ඉහත ඛාණ්ඩ සොයා ගත් බවත් එම නිවස යුදහමුදාවේ සේවය කරන යුදහමුදා  නිලධාරියෙකුට අයත් බව පොලිසිය පවසයි.

සැකකාර යුදහමුදා නිලධාරිවරයා කොහුවල ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා යුදහමුදා පොලිසියේ සහාය ලබා ගන්නා බව පොලිසිය වැඩිදුරටත් පැවසිය.
 
ගම්පහ කොට්ඨාසබාර ජේ .පො.අ . ඉන්දික ද සිල්වා මහතා ගේ අධීක්ෂණය මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද මහතා ගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව, අපරාධ පරික්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් ප්‍රේමරත්න යන නිලධාරින් ඇතුළු පිරිසක් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරනු ලබයි