(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ වෑවලවැව ප්‍රදේශයේදී මාර්ගය අලුත්වැඩියා කර දෙන්නැයි ඉල්ලා (05) දින ප්‍රදේශවාසීහු මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
වෑවල වැව ප්‍රධාන මාර්ගය කාලයක තිස්සේ අබලන් තත්ත්වයේ පැවතීම, මාර්ගයේ වළවල් හෑරීම සහ දූවිලි විශාල වශයෙන් පැතිරී යාම නවත්වා දෙන්නැයි විරෝධතාකරුවෝ බලධාරීන්ට බල කරමින් විරෝධතාවයේ නිරත වූහ.
දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගය වෑවල වැව ප්‍රදේශයෙන් අවහිර කිරීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවිය.
විරෝධතාකරුවන් අතරට පැමිණි දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලාල් සමරතුංග මහතා සහ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් කියාසිටියේ වසර පනහකට වඩා වැඩි කාලයක් මෙම වර්ගයේ අලුත්වැඩියා නොකිරීම නිසා දේශපාලනඥයින් විශ්වාස කළ නොහැකි බවයි.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මාර්ගයේ අලුත්වැඩියා කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි මන්ත්‍රී ලාල් සමරතුංග මහතා පැවසීය. පසුව විරෝධතාකරුවන් විරුද්ධතාවය අතහැර දැමු අතර විරෝධතාවේ හේතුවෙන් මාර්ගය ගමනාගමනයට පැය පැය තුනකට වඩා කාලයක් බාධා එල්ල විය.


