ග්‍රේස්වෙස්ටන් කඳු තරණයට ගිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්


(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ , ග්‍රේස්වෙස්ටන් කඳුවැටිය තරණය කිරීමට ගිය සරසවි සිසුන් 12 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අද (04) ලිඳුල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් ග්‍රේස්වෙස්ටන් වත්තේ සේවය කරන නිලධාරියෙකුගේ හැඳුනුම්කම මත තලවකැලේට පැමිණ පසුව විනෝදයට කඳුවැටිය තරණය කිරීමට ගිය අවස්ථාවේ මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයි තලවකැලේ හා ලිඳුල පොලිසිය  පවසයි.

තුවාල ලැබූ සිසුන්ගෙන් පළමුව දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර පසුව තලවකැලේ හා ලිඳුල පොලිසිය එක්ව කඳුවැටියේ සිරවී සිටි සිසුන් පිරිස බේරා ගෙන රෝහල් ගත කිරීමට  පියවර ගෙන ඇත.

තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයි ලිඳුල  රෝහලේ ප්‍රකාශකයෙක් කීය.