ගල්කිස්ස මුහුදේ ගිලුණු තරුණයෙක්ගේ සිරුරක් හමුවෙයි


 (ශාන්ත ප්‍රදීප් කුමාර  කුලරත්න)

ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී  මුහුදේ අතුරුදන් ව ගිය තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් (24) උදෑසන සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ නුවරඑළිය කුඩලිඔය ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර  ඩිලක්ෂණ  18 හැවිරිදි තරුණයකු තරුණයකු බව පොලිසිය කියයි.

පිළියන්දල ප්‍රදේශයේ සබන් කර්මාන්ත ශාලාවක සේවය කරමින්  සිටින මෙම තරුණයා ඇතුළු දහතුන් දෙනෙකු නිවාඩු දිනයක් වූ 23 දා  ,ගල්කිස්ස මුහුදු තීරයට   ගොස් දිය නාමින් සිටියදී  එකවරම දිය වැලකට හසු වී තරුණයන් හත් දෙනෙකු ගසාගෙන ගොස් ඇති  බව පොලිසිය කියයි .

එම අවස්ථාවේදී  ගල්කිස්ස  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී දිය වලට හසුවී ගසාගෙන යමින් සිටි තරුණයින් පස්දෙනෙකු බේරා බේරාගෙන ඇති අතර ඉන් තරුණයන් දෙදෙනකු දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් ව තිබූ බව පොලීසිය පවසයි .


පසුව ජීවිත ආරක්ෂක නිලධාරීන් හා  ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ තරුණයන් සෙවීමට වෙහෙසුන ද ඉන් ඵලක් නොවූ බව පැවසේ.

මේ අතර 24 උදෑසන දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් දෙහිවල දුම්රිය ස්ථානය පිටුපස මුහුදු තීරයට ගොඩ ගසා තිබූ බව පොලිසිය පවසයි .

ඒ අනුව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා එම ස්ථානයට පැමිණ ස්ථානය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය  කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි  මරණ පරීක්ෂණ  අධිකරණයේ දී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ  මහතා විසින්  සිදු කිරීමට නියමිතව තිබුණි .

අතුරුදන් වු අනෙක් තරුණයා  සොයා ජීවිත ආරක්ෂක නිලධාරීන්  දිගින් දිගටම විමර්ශන ක්‍රියාත්මක බව ද බවද පොලිසිය කියයි . සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .