ගමට ගෙයක් - රටට හෙටක් ගිරිබාවෙන් ඇරඹේ


(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )

ගමට ගෙයක් - රටට හෙටක්  ජාතික වැඩසටහන අරඹමින්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අසරණ පවුලක් වෙනුවෙන් ගිරිබාවේ ඉදිවෙන පළමු නිවසේ වැඩ ආරම්භ කිරීම අද (01) සිදුකෙරිණි.

මෙම නව නිවස ඉදිවන්නේ, ගිරිබාව නිරාවේරිය ප්‍රදේශයේ  ස්ථිර නිවසක් නොමැතිව  පැල්පතක ජීවත්වෙන අසරණ පවුලක් වෙනුවෙනි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිලිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ වැඩසටහන ගිරිබාවෙන් ආරම්භ කරණ ලදුව දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාශ වල ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ අගමැති මහින්ද රාජපක්ෂ, මහා මාර්ග, වරාය, නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුන් සහ මැතිඇමති වරුන්, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලුව විශාල පිරිසක්ද එක්ව සිටියහ.