(වියලුව නිශාන්ත කුමාර)
නීති විරෝධී අයුරින් ගංජා පාර්සලයක් ළඟ තබා තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (01) උදෑසන ගිරාඳුරුකෝට්ට නගරයේ දී ගංජා පාර්සලය ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හසලක ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 30 සහ 32 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.
සැක සහිත තරුණයින් දෙදෙනෙකු නගරයේ ගැවසෙන බවට පොලීසිය වෙත ලද ඔත්තුවක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගංජා පාර්සලයද සමග අද (01) මහියංගන මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණි වීමට නියමිතය.
ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

