කොස්ලන්දේ රක්ෂිතයක ගින්නක්


(සමන් පාලිත නානායක්කාර)

කොස්ලන්ද අක්කර සීය උඩ තලාව කැලෑ රක්ෂිතයේ අද (31) හටගත් ගින්නක් විශාල වශයෙන් පැතිර යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවත් නිතර වන අලි ගැවසෙන ප්‍රදේශයක් වීම හේතුවෙන් එම ස්ථානයට පිවිසීම අපහසු වී ඇති බවත්  ප්‍රදේශවාසීහු පවසති.