කඩු තුනක් සමඟ අයෙකු අත්අඩංගුවට


(ජේ.කේ.එල් චාමින්ද)
 
කඩු තුනක් ළග තබාගෙන සිටි පුද්ගලයකු  දෙද්දුවත්ත ප්‍රදේශයේ දි අද (04) අත්අඩංගුවට ගත්බැව් බද්දේගම පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු 45හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
 
සැකකරු විසින් දෙද්දුවත්ත ප්‍රදේශයේ පොල්ඉඩමක මුරකරුවකුට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය ලද පැමිණිල්ලකට අනුව  සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දි මොහු සතුව තිබී මෙම කඩු තුන හමුවී ඇත.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.