(ඩී.ජී.සුගතපාල)
අනවසරයෙන් ලී මඩුවට විදුලිය ලබාගෙන විදුලි බල මණ්ඩලයට අලාබ සිදු කරන ලද විත්තිකරුවෙකුට විදුලි බල මණ්ඩලයට සිදු කරන ලද පාඩුව වෙනුවෙන් රුපියල් 483,961ක මුදලක්ද රුපියල් 15,000ක දඩයක්ද ගෙවිමට ගාල්ල අතිරේක මහේස්තාත් පවිත්‍රා සංජිවන් පතිරණ මහත්මිය අද(21) නියෝග කළාය.
මෙසේ දඩ නියම වුයේ ගාල්ල ඇත්තිලිගොඩ මොහොමඩ් ෆරිඩ් මොහොමඩ් නසීම් නමැති විත්තිකරුවෙකුටය.
විත්තිකරු විසින් පවත්වා ගෙන යනු ලබන ලි මෝලේ විදුලි මිටරයේ සටහන් නොවන ආකාරයට මිටරයට පිටින් විදුලිය ලබාගෙන සිටියදී විදුලි බල මණ්ඩලයේ වැටලිම් අංශය ගාල්ල පොලිසියේද සහාය ඇතිව අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලදි.