(නිමල කොඩිතුවක්කු)
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්ව වසර 4ක කාළය තුළ රට සෑම අංශයකින්ම ඉදිරියට ගෙන යාමට සමත් වු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවසීය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධූර දර්ශී නායකත්වය ඉදිරියටත් රටට ලබාදිම තම පක්ෂයේ ඒකායන අරමුණ බව ද සමරසිංහ මහතා කියා සිටියේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා මෙසේද කීය.
‘‘ඇතැම් පිරිස් කියනවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසර 4 ක කාලය තුළ කිසිදු වැඩක් කරලා නැතිලූ. මේ අවුරුදු 4ක කාලය තුළ මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් රට තුළ විශාල පරිවර්තනයක් සිදුව තිබෙනවා.
ජනාධිපතිධුරයට පත්වු මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තිබූ පළවෙනි අභියෝගය තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වාර්තාවට මුහුන දීමයි. ජනාධිපතිවරයාගේ සංහිදියා වැඩපිළිවෙළ සහ ඒ සඳහා ඇති දේශපාලන වුවමනාව ගැන සළකා බලා ඒ සඳහා අවශ්‍ය කාලය ලබාදිමට ජාත්‍යන්තර ප‍්‍රජාව පිළිගත්තා. ඒ අනුව අපි උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව රට වෙනුවෙන් සිතා කටයුතු කිරිම නිසා මෙම අභියෝගය ජය ගත්තා. යහපාලනය රට තුළ ස්ථාපිත කිරිමට විධායක බලතල අහෝසි කිරීමට එතුමා කැප වුණා.
පාර්ලිමේන්තුවේ එවකට තිබුණු සංයුතියේ බහුතරය තිබුණේ එකසත් ජනතා නිදහස් සන්ධානයට. එක්සත් ජාතික පක්ෂයට තිබුණේ පනහකටත් අඩු ආසන සංඛ්‍යාවක්. එහෙම තිබියදිත් 19 ගෙනල්ලා තුනෙන් දෙකකකින් සම්මත කර ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමත් වුණා. එතුමා සෘජුව මැදිහත්වෙලා එය සම්මත කර ගැනිමට කටයුතු කලේ නැත්නම් අද 19 ක් නැහැ. එවැනි දෙයක් කරපු නියකයකුට වැඩක් නොකළ නායකයෙක් කියලා චෝදනා කරන්න බැහැ."
’ ජනපති රට සෑම අංශයකින්ම ඉදිරියට ගෙන යන්න සමත්වුණා’
Recommended Articles