හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති


හෝටල් සහ ආපන ශාලා වලින් ආහාර ලබා ගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා නව නීතිරීති කඩිනමින් ගෙන එන  බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 
 “පසු ගිය කාලයේදී  දිවයින පුරා පිහිටි හෝටල් ශ්‍රේණිගත කිරිම් සිදු වු බවත් , ජනතාවට සෞඛ්‍ය  සම්පන්න ආහාර වේලක් ලබාගැනීම සදහා හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති සෞඛ්‍ය අමාත්‍යංශය  සකස් කරමින් සිටින බවද සඳහන් කළේය.
 
 ඉදිරියේදී   සෑම හෝටලයක්ම වසරක් පාසා ලියාපදිංචි කළ යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දෙන නව රෙගුලාසි වලට ද අනුකූල විය යුතුයි.
 
මේ යටතේ  ආහාර අතින් අල්ලා පාරිභෝගිකයාට අලෙවි කිරිම ද තහනම් කරන  අතර  ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම සදහා  පියවර ගැනීමට  වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර  අමාත්‍යාංශ 14 ක් ඒකාබද්ධව බෝනොවන රෝග කවුන්සිලය ස්ථාපිත කර විවිධ ක්‍රියාමාර්ග සාකච්ඡා  කර  ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

(36698)