(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් පළව ඇති වැරදි වාර්තා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කරයි.
මෙම සිදුවිම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාග් වරප‍්‍රසාද කඩ වි ඇති බැවින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් දෙන ලෙසත් ඔහු ඉල්ලිමක් කරයි.
පොලිසිය විසින් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයගේ නිවසට ගිය බවට හෝ නිවස පරීක්ෂාවට ලක් කළ බවට හෝ පළවන වාර්තා සාවද්‍ය යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා අධිකරණයට පැමිණෙන බවට දැනුම් දී තිබියදී සාවද්‍ය වාර්තා පළවීමෙන් ඔහුගේ ප‍්‍රතිරූපයට විශාල හානියක් සිදුව ඇතැයිද රහුමාන් මහතා සඳහන් කළේය.
මන්ත්‍රි චමින්ද විජේසිරි ගැන පළ වු වාර්තා ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න
Recommended Articles