(නිමල කොඩිතුවක්කු)
ධිවර වරායන් ආශ්රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැකසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සැලසීම පිලිබදව මැලේසියානු සහ චීන නියෝජිත කණ්ඩායමක් සමග සාකච්චා කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම ආධාර මත කලමැටිය ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් පළමු ශීතාගාර සහ අයිස් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට නියමිත අතර එතැන් සිට සෙසු ධිවර වරායන් ආශ‍්‍රිතව එම පහසුකම් වැඩිදියුනු කිරීමට නියමිතය.
මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සදහා අවශ්‍ය විදුලි බලය සුර්ය බලයෙන් ලබාගැනීමට සැලසුම් කර ඇත .
ධිවර ජනතාව නෙලාගන්නා අස්වැන්න සුරක්ෂිතව ගබඩා කර තැබීමට කුඩා ශීතාගාර පහසුකම් සැලසීම මගින් ඔවුන්ගේ අස්වැන්නට නියම වටිනාකමක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය .