ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය මහින්දටයි - ජී. එල්.


නාලක සංජීව දහනාය

 
කවුරුන් කුමක් කීවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවනු ලබන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ සම්පූර්ණ අයිතිය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (7) පැවැසීය.

ඒ අයිතිය වෙනත් කිසිවකුට හිමි නොවන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

මේ වනවිට මහපොළවේ තිබෙන ජයග‍්‍රාහීම දේශපාලන පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, එහි ලාංඡනය වන නෙළුම් පොහොට්ටව ලංඡනය ජයග‍්‍රාහී ලකුණ ලෙස ජනතාවගේ සිතෙහි තැන්පත්ව තිබෙන බවද ඔහු කීය. 

ඒ අනුව විපක්‍ෂනායකවරයා විසින් තම පෙරමුණේ අනන්‍යතාවය සුරකින රටම ඉල්ලන අපේක්‍ෂකයකු ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.