”ශ‍්‍රී ලංකා වනිතාභිමාන” ලොවක් දිනන කතට දැයෙන් සම්මානයක්


භෘඊ බැංකුව සහ සිරස නිවුස් 1ිඑ දීප ව්‍යාප්තව පවත්වන ”ශ‍්‍රී ලංකා වනිතාභිමාන” කාන්තා දින වැඩමුළුව සහ කාන්තාවන් ඇඟයිමේ පළමු අඬහැරය කන්ද උඩරටින් එනම්ල මධ්‍යම පළාතෙන් අතිසාර්ථකව සැප්තැම්බර් මස ඇරඹුණු අතර රටේ පවතින ඣඪෂෘ-19 රෝග ව්‍යාප්තිය හමුවේ වුවත්, සෞඛ්‍යාරක්ෂිතව සහ රජයේ උපදෙස්වලට අනුකුලව මෙන්ම නවීන ’ධධඵ තාක්ෂණය උපයෝගී කරගනිමින් පළාත් මට්ටමේ ඇඟයිමේ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීමට අපට හැකියාව ලැබිණි.

2019 දී ජාත්‍යාන්තරව ස්ත‍්‍රී පුරුෂ සමානතාව සඳහා පිරිනමනු ලබන ෑෘඨෑ සහතික ලත් ප‍්‍රථම ශ‍්‍රී ලාංකීය ආයතනය ලෙස භෘඊ බැංකුව, ”අරලිය” ඉතිරි කිරීමේ ගිණුම තුලින් විශේෂ ප‍්‍රතිලාභ සමඟ රැුකියා නියුක්ත කතුන්ගේ ශක්තිය, අත්වැල බවට පත් වූ අතරම රැුකියා විරහිත වූ කාන්තාවන්ට නොබියව නව පියවරක් තැනීමට මෙන්ම දැනුමක් ලබාගැනීමට පාදමක් බවට පත්විය. කාලීනව සිදුවූ ඣඪෂෘ-19 ව්‍යාප්තිය තුලින් ලැබුණු දරුණු අත්දැකීම්වලට අනුව පෙන්නුම් කෙරෙන්නේද, කාන්තාවගේ ආර්ථික දායකත්වය රට පෝෂණය කිරීමට වැඩි වැඩියෙන් අත්‍යාවශ්‍ය බවයි. 

එබැවින් , ජීවිතය දිනූ සහ දිනන දිරිය කතුන්ගේ දිරිය වේදිකාව භෘඊ බැංකුව සිරස භෑඋී 1ිඑ සමඟ එකතුවී හඳුන්වා දුන් ”වනිතාභිමාන” යනු, කාන්තාව සවිබල ගන්වා, මෙරට ආර්ථීකයට සක‍්‍රීයව දායක කරගැනීම යන්න අරමුණු කරගෙන ගොඩනගන ලද ජාතික මට්ටමේ වැඩසටහනකි. මේ සඳහා සෑම පළාතකින්ම විශේෂ ලෙස තෝරාගත් කාණ්ඩ අටක් ඔස්සේ ජයග‍්‍රාහිකාවන්් අටදෙනෙකු බැගින් සම්මානයට පාත‍්‍ර වේ. එනම් ව්‍යවසායක ක්ෂුද්‍ර, ව්‍යවසායක කුඩා, ව්‍යවසායක නැගීඑන, තරුණ නායිකා, පරිසර කළමනාකරණ, සමාජසේවා ක‍්‍රීඩා සහ අධ්‍යාපන ලෙස හඳුනාගත් ප‍්‍රධාන කාණ්ඩ අට ඔස්සේ, ඇය මෙතෙක් කල මෙහෙවර සහ ආර්ථික දායකත්වය ඇඟයිමට පියවර තැබීමයි. 



තවද, මෙම කාණ්ඩ අට ඔස්සේ ජයග‍්‍රාහණය කළ සියලූම ජයග‍්‍රාහිකාවන්ට නුදුරේ පැවැත්වීමට නියමිත අවසාන අදියරේ පවත්වන වනිතාභිමාන සම්මාන ප‍්‍රදානෝත්සවයට සිය පළාත නියෝජනය කිරීමින් සහභාගී වීමට අවස්ථාව උදා වෙයි. මෙහිදී , ීඵී මනාප මඟින් ජනප‍්‍රිය කත තෝරාගැනීම සිදු කරන අතර ජිවිත කාලයට වරක් පිරිනමන විශේෂිත සම්මාන ඇඟයිමක්ද සිදුවේ.