IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අපේ ස්ථාවර ගමනට කකුල් මාට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටේවි යැයි  විපක්ෂය හැම විටම කුරිරු සිහිනයක් දකින නමුත් ඔවුන්ගේ සිහිනය කිසි විටක ඉටුවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

අයවැය ලේඛනයෙන් රජය අපේක්ෂා කරන ලද ආදායමට වඩා වැඩි ආදායමක්  ලබා ගන්න පුළුවන් බවට සංඥා ලැබී තිබෙන බව කී ජනාධිපතිවරයා ලබන දෙසැම්බරය වන විට ඩොලර් බිලියන හත ඉක්මවන විදෙස් සංචිතයක් අත් කර ගන්නා බව කීය.

ආණ්ඩුවේ  ස්ථාවර ගමනට කවුරුවත් කකුල් මාට්ටු  දාන්න සූදානම් වෙන්න එපා යැයි කී ජනාධිපතිවරයා කොතැනක හෝ කෙනෙක්ට  කුමන්ත්‍රණ කරන්න සිතුවිල්ලක් හරි තියෙනවා නම්  එය පරාජය කරන බව  කීය.

ආණ්ඩු පක්ෂයේ විසින් ගෙන එන ලද රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

 



අදහස් (11)

අපේ ස්ථාවර ගමනට කකුල් මාට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා

sene Thursday, 07 August 2025 03:23 PM

තවමත් ජනාධිපති වෙලා නැහැ. ගැලරියට දෙසුම නැවතී නැහැ.

:       31       27

PradeepThursday, 07 August 2025 05:34 PM

පොහොට්ටුවේ වහලුන්ට උහුලාගන්න බෑ. රට ටිකෙන් ටික නැගිටින එක...

:       13       11

අරවින්ද මොණරවිල Thursday, 07 August 2025 03:49 PM

මේ විපක්ෂයට ඒ වගේ වැඩක් කරන්න තරම් කොන්ද පණ තියෙන එවුන් නැහැ... ඔවුන්ට දැන් තියෙන ලොකුම අමාරුව ආණ්ඩුවට ජැක් එකක් ගහලා තමන්ගේ තියෙන නඩු හබ බේරාගන්න හරි ආණ්ඩුවෙන් මොනවා හරි ගන්න බැරි එකයි...

:       18       31

යෝගා Thursday, 07 August 2025 04:13 PM

ආයේ කවුරුවත් කකුල් මාට්ටු දාන්න දෙයක් නෑ. වැඩ බැරිකම නිසා තමන්ම කකුල් පටලවාගෙන හොට බිම ඇනගෙන තියෙන්නේ....

:       27       27

PradeepThursday, 07 August 2025 05:36 PM

ඔබලා වගේ පොහොට්ටුවේ වහලුන්ගේ නම් හොට බිම ඇනිලා කම්බස් වෙලා තියෙන්නේ...!

:       11       7

Malith Thursday, 07 August 2025 04:13 PM

නින්දෙන් නැගිටලා වගේ මේ මොනවාද කියවන්නේ...! මානසික ආතතිය වැඩියිද? පව් ඉතින්...!

:       27       23

කපුරුහාමි Thursday, 07 August 2025 04:20 PM

මහාපරිමාණ හොරකම් වංචා දූෂන කරලා රට විනාස කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ට නම් අහගෙන ඉන්ඩ අමාරු ඇති

:       20       21

Neel Thursday, 07 August 2025 04:53 PM

මේ තමයි අපේ රට සංවර්ධනය කිරීමට ඉන්න එකම අවංක, නිහතමානී, කාර්යක්ෂම, රාජ්‍ය නායකයා. මේ වගේ රාජ්‍යයක් නැවත ශ්‍රී ලංකාවේ බිහිවන එකක් නැහැ. ඒ නිසා අපගේ උපරිම සහයෝගය ඉදිරියටද ලැබෙනවා කිසිම සැකයක් නැත... ජය වේවා.''!

:       17       18

සමන් විමල් Thursday, 07 August 2025 06:09 PM

කකුල බලාගෙන, වලිගෙ පෑගෙයි, තුමනි...

:       6       12

Kamal Thursday, 07 August 2025 08:15 PM

කියවන්න විතරයි දන්නේ.... වැඩ බිංදුවයි.

:       5       7

ගුණරත්න Thursday, 07 August 2025 09:32 PM

හාහ්, ඉස්සර කර තරමක් කකුල් මාට්ටු දාල දැන් විවේඡන කලහම කියනවා කකුල් මාට්ටු දාන්න එපා කියල. මේවට කොහෙන්ද අපි හිනා වෙන්න ඕන? මේ ආණ්ඩුවේ උන්ට විපක්ෂයේ හිටි කාලය අමතක වෙලා තනතුරු රහ දැනෙන්න අරන් වගේ.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site