ඩයලොග් එන්ටප්රියිස් VDOmeet ඔස්සේ තමව්යාඑපාරිකගනුදෙනුකරුවන්ගේපාරිභෝගිකයන්ට වීඩියෝ උපදේශනසේවාසඳහා පහසුකම් සලසයි


කොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික පරිශ්‍රමයන්ට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙමින්, ඩයලොග් ආසිආටා පීඑල්සීසමාගමටඅයත්ආයතනිකවිසඳුම්සපයනසමාගමවනඩයලොග්එන්ටප්‍රයිස්, තමව්‍යාපාරිකගනුදෙනුකරුවන්ගේපාරිභෝගිකයන්ටසේවාසැලසීමසඳහාVDOmeetවීඩියෝඇමතුම්පහසුකමමගින්ඔවුන්බලගැන්වීමටකටයුතුකරතිබේ.

 

VDOmeetවීඩියෝ ඇමතුම් පහසුකම ඔස්සේ ආයතනිකහෝඋපදේශනසේවාආයතනයකටඔවුන්ගේගනුදෙනුකාරභවතෙකුට link එකක් හරහා වීඩියෝඇමතුමකට මුලපුරමින් එම link එක පාරිභෝගිකයාට යොමු කළ හැකි අතර, මේ තුළින් පාරිභෝගිකයාට link එක ක්ලික් කර තමන්ට සේවාව සලසන පුද්ගලයා පෞද්ගලිකව හමුනොවීvirtual ක්‍රමයට හමුවිය හැකීයි. ඕනෑම මෙහෙයුම් පද්ධතියකට ගැලපෙන අයුරින් සකස් වී තිබෙන මෙම පහසුකම සඳහා පෙර පිහිටැවුමක් හෝ බාගතකිරීමක් අවශ්‍ය නොවේ. මීට අමතරව ඕනෑම මොබයිල් වෙබ් බ්‍රවුසරයක් හරහා මෙම සන්නිවේදනසේවාපහසුකම ලබාගැනීමේ හැකියාව පවතින අතර, ආයතනිකගනුදෙනුකරුවන්ට ඇමතුම් පටිගත කර, screen shots ගැනීමට හෝ ඇමතුම් ලබාගත් දින සිට දින 30 ක් දක්වා පටිගත වූ වීඩියෝ නැරඹීමේ හැකියාව සමඟ අවශ්‍යතාවය මත එම වීඩියෝ තම පෞද්ගලිකcloud storage එකට බාගත කිරීමේ අමතර පහසුකමද හිමිව තිබේ. පාරිභෝගිකයන්ට http://vdomeet.lk/වෙත පිවිස VDOmeetසඳහා sign-up විය හැක.

 

රටේ සන්නිවේදන භාවිතයේ සීඝ්‍ර වෙනසක් ඇති කරන්නට කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතු වී තිබේ.වෘත්තීයවේදීන් සහ ආයතනවලට සේවා සැලසීමට අමතරව, VDOmeetපහසුකම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයටද නම්‍යශීලී ක්‍රමවේදයකට පහසුකම් සැලසෙන අතරමේ තුළින්ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්යමණ්ඩලවලට තම සිසුන්ගේඅධ්‍යයන කටයුතු බාධාවකින් තොරව සිදුවන බව සනාථ කරගැනීමටමෙන්ම,සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ එහි වෘත්තීයවේදීන්ටශක්‍ය සහ තිරසරටෙලිසෞඛ්‍ය විසඳුමක්ද ලබාදෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෙහෙවර බලගැන්වීම වෙනුවෙන් ඩයලොග් විසින් හඳුන්වාදුන් තවත් සුවිශේෂී පහසුකමක් ලෙස පමණක් නොවඩිජිටල් පරිවර්තනයක් කරා යන මෙරට විදුලි සංදේශ කර්මානතක්ෂේත්‍රයේ ගමන් මගටVDOmeet පහසුකම වටිනාකමක්එක් කිරීමටද සමත්ව ඇත.

 

වැඩි විස්තර සඳහා <http://vdomeet.lk/>http://vdomeet.lk/වෙත පිවිසෙන්න.