කාන්තා කළමනාකරණ ආයතනය ’’, ජාතික තරුණ සේවා සභාව හා එක්ව Arise Shine තේමා කරගනිමින් New Generation Awards 2021 සදහා නාම යෝජනා කැදවීම.


කාන්තා කළමනාකරණ ආයතනය මගින් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ සැගවුණු දක්ෂතා හා ඔවුන්ගේ ජාතික දායකත්වය ඇගයීම් සොයා යන ගමනේදී එක් පියවරක් ලෙස, ජාතික තරුණ සේවා සභාව හා එක්ව, New Generation Award (නව පරපුරේ  සම්මාන උලෙළ) අඛණ්ඩව දෙවන වරටත් ජුලී 17 වනදා ගලදාරී හෝටලයේදී පැවැත්වේ.

New Generation Awards ( නව්‍ය පරපුරේ සම්මාන උලෙළ) 2021 හී අරමුණ වන්නේ, අතිවිශිෂ්ඨ වයස අවුරුදු 15 ‐30 අතර වූ තරුණ නායකත්වය ඒකාලෝක කිරීම හා ඔවුන් වෘත්තිමය, ව්‍යවසායකත්ව, තාක්ෂණිකව, ක්‍රීඩා, සමාජ සේවා, නවෝත්පාදන, දක්ෂතා, ,කලාත්මක, නිර්මාණකරනය ආදී ක්ෂේත්‍රයන්හි දක්වන ධනාත්මක දායකත්වය සමාජියව,ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්කිරීම හා ඒ සදහා අනුග්‍රහය

ලබාදීමයි. නාමයෝජනා ඉදිරිපත් කිරීම 2021, මැයි පලවෙනිදා සිට මැයි 30 දක්වා www.womeninmanagementawards.org වෙබ් පිටුවට පිවිසීමෙන් සිදු කල හැක.

 

මේ වර්ෂය සදහා විනිශ්චය මණ්ඩලයේ සභාපතීත්ත්වය ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා ඇතුලු, Triad Advertising හී කළමනාකරණ අධ්‍යක්ෂක වරුණි අමුණුගම මහත්මිය, Hemas Holdings PLC හී සමුහ කළමනාකරණ අධ්‍යක්ෂක කස්තුරි චෙලේරාජා මහත්මිය , CIMA හී දේශීය කළමනාකාර සහරා අන්සාරී මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයීය අලෙවි කලමනාකාර  දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවී දිසානායක මහතා,  කොළඹ විශව් විද්‍යාලයීය CERIPA හී අධ්‍යක්ෂක හා CUCEC හී වැඩබලන අධ්‍යක්ෂක මහාචාර්්‍යය සුරංග ද සිල්වා මහතා හා නවෝත්පාදක, ව්‍යවසායකත්ව හා අලෙවිකාර යසස් හේවගේ මහතා හොබවයි.

මෙවර සාර්ථක දෙවෙනි NG Awards ප්‍රධානෝත්සවය පැවැත්වෙන අවස්ථාවේදී , පසුගිය උලෙළේ සම්මානයට පාත්‍ර වූ තාරුණ්‍යයේ ධනාත්ම වෙනස්කම් හා ඵලදායි මෙහෙවර පිලිබද උද්දාමයට පත්වන්නෙමු. ඔවුන් තමා ලබාගත් පිලිගැනීම හා ඇගයීම් මතින් අනාගත අභිලාෂ ඉලක්ක ගතකර ගනිමින් සෙසු තාරුණ්‍යයද ඒ සදහා පෙලබවීමට කරන උත්සහය ප්‍රශංසනීය බවත් එය පෞද්ගලිකව අහිමානයෙන් අත්දුටු බවත්, තවද එයින් තාරුණ්‍යයේ අනන්‍ය වූ පෞරුෂයන් ගොඩ නැගුනු බවත්, WIM හි නිර්මාතෘ හා සභාපති අචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය සතුටින් ප්‍රකාශ කලාය.

 මෙම සුවිශාල ගමන් මග තුල, ජාතික තරුණ සේවා සභාවේ භූමිකාව විස්තර කරමින් සභාපත දමිත් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. “ජාතික තරුණ සේවා සභාව ජාතික තාරුණ්‍යයේ සංවර්ධන ක්‍රියාවලියේ පෙරගමන්කරු ලෙස, කාන්තා කළමනාකරණ ආයතනය මගින් තුරුණු දක්ෂතා හා කුසලතා ඔප් නැංවීමට දැක්වූ අභිරුචිය හා ප්‍රාරම්භකත්වය ඉතා ප්‍රශංසනීය වේ. ජාතික තරුණ සේවා සභාව හා WIM අතර ඇතිකර ගත් මෙම සහයෝගිතාවය, රාජ්‍ය නොවන සංවිධාන මගින් තාරුණ්‍යයේ ජවය පෙරට ගැනීමේ කර්තව්‍යයේ ප්‍රාරම්භකත්වය ගැනිමේ එක් සංධිස්ථානයක් ලෙස තාරුණ්‍යය සවිබල ගන්වමින් ආනාගත නායකත්ව අරමුණු නිශ්චය කිරිමේ සුවිශාල කාර්්‍යභාරයක් ලෙස හැදින්විය. “

Traid Advertising හි කළමනාකරණ අධ්‍යක්ෂක වරුණි අමුණුගම මහත්මිය විනිශ්චය මණ්ඩලයේ අදහස අවධාරණය කරමින්, “ ක්‍රියාකාරිත්වය හා සක්‍රියත්වය මත පිලිගැනිම, ඇගයිම් හා අවස්ථා උත්පාදනය වේ. එම අවස්ථා ස්ථානෝචිතව, හිතෛෂි හා ඵලදායි ලෙස භාවිත කළ යුතුයි. තවද, ජාතියේ අනාගතය

තාරුණ්‍යය මත රදා පවති.“

Hemas Holdings PLC හි සමුහ කළමනාකරණ අධ්‍යක්ෂක කස්තුරි චෙලේරාජා මහත්මිය “තාරුණ්‍යය ජාතියේ අනාගතයයි. තාරුණ්‍යයේ ජාතික, සමාජීය දායකත්වයේ අවශ්‍යතාව දිනෙන් දින වැඩිවේ. එඹැබිවින් ඒ සදහා උපරිම යුතුමක ඉටුකිරීමට යොවුන් පරපුර පෙල ගැසිය යුතුය.“

CIMA හී දේශීය කළමනාකාර සහරා අන්සාරී මහත්මිය  ර්‍ණඅපේ තරුණ පරම්පරාව රටේ සුවිශේෂි වැදගත්කමක් උසුලයි. එමෙන්ම ඔවුන් රටේ අනාගතයයි. මෙම New Generation සම්මානය පිරිනමනු ලබන්නේ, එක් එක් ක්ෂේත්‍රයන්හී අනභිභවනිය සේවාවක් සමාජීය හා ජාතික වශයෙන් පෙන්නුම් කල විශිෂ්ඨයන් උදෙසාය. පසුගිය සම්මානලාභීන් සෙසු තරුණ පරම්පරාවද උත්සුක කරමින් කල ධනාත්මක බලපෑම ප්‍රසංසනීය වේ. මෙවන් විනිශ්චය මණ්ඩලයක සමාජිකත්වය දැරීමම සුවිශාල භාග්‍යක් කොට සලකයි.“

කැලණිය විශ්වවිද්‍යාලයීය අලෙවි කලමනාකාර දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවී දිසානායක මහතා .  “අනාගත නායකයන් තිරසාරත්වය සදහා සවිබල ගැන්වීම“

කොළඹ විශ්වවිද්‍යාලයීය CERIPA හී අධ්‍යක්ෂක හා CUCEC හී වැඩබලන අධ්‍යක්ෂක මහාචාර්්‍යය සුරංග ද සිල්වා මහතා‐  “ තිරසාර අනාගතයක් සඳහා දැක්මකින් යුත් නායකත්වයක් නිර්මාණය“

නවෝත්පාදක, ව්‍යවසායකත්ව හා අලෙවිකාර යසස් හේවගේ මහතා ‐ “පෞරාණික අදහස් හා පැවතුම් තරුණ පරම්පරාවේ නවොත් ්පාදන හේතුවෙන් දෙදරා ගොස් ඇත. එය ඔබට නැවත අලුතෙන් සිතීමට වෙනස් ලෙස ලෝකය ගොඩ නැන්වීමට ලැබෙන අභfි යා්යාත්මක නව ආරම්භයක් වේ.“

මෙම වර්ෂයේ New Generation සම්මාන උලෙළේ සභාපතිත්වය දරණු ලබන්නේ, WIM විදායක සමාජික කොලඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය හිමාලී ද සිල්වා මහත්මිය විසිනි. ඇය මෙසේ අදහස් දැක්වීය. තරුණ පරම්පරාව සමග සම්බන්ධවී  අත්දැකීම් ඇති පුද්ගලයෙකු ලෙස මගේ අදහස නම්, “මෙය තාරුණ්‍යයට ඔවුන්ගේ අනාගත උපකාරකාරක මංපෙත් සොයා ගැනිමට ලැබෙන ඉතාමත් අනර්ඝ අවස්ථාවක් බවයි.“ මෙවර උප සභාපතනි ලෙස කටයුතු කරන WIM සාමාජික OSM Holdings විධායක අධ්‍යක්ෂක ඔනෙලා කරුනානායක මහත්මියගේ අදහසද ඉදිරිපත් කලේය.  ර්‍ණසාර්ථක දෙවන වතාවටත් මම මෙහි කොටස් කරුවෙකු වීම ගැන සතුටටපත් වෙමි. තරුණයන් ලෙස අපි පුද්ගලවාදී අදහස් වල එල්බගෙන ඉන්නන් ලෙස නිරතුරුව චෝදනාවට ලක්වේ. එම චෝදනාව හුදු මිත්‍යාවක් බවට හුවාදැක්වීමට මෙම සම්මාන ප්‍රධානයම ප්‍රමාණවත්ය.“

 

WIM පිලිබද කෙටියෙන්, 2010 න් පසුව කාන්තා කලමනාකරණ ආයතනය ශ්‍රී ලාංකීය වෘත්තිමය කාන්තාවන් හා ව්‍යවසායකයින් සවිබල ගැන්විම සදහා ඔවුන් අතර සහයෝගිතාවය ඇතිකිරීමට අවශ්‍ය නායකත්වය, මගපෙන්වීම, ඔවුන්ගේ දැනුම කුසලතා සංවර්ධනය සදහා පෙලඹවීම මගින්, ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට හා ධනාත්මක සමාජීය පරිවර්තනක් සදහා කන්තාවගේ කාර්්‍යභාරය විචල්‍ය වෘත්තියන් හා ව්‍යාපාරික වලට මුහුන දීම සදහා සවිමත් කිරීම සිදු කරයි‐

ජාතික තරුණ සේවා සභාව පිලිබද කෙටියෙන්, විව්ධ දක්ෂතා වලින් සපිරුණු, වින්‍යානුක, සහයොග් ි තරුණ පරම්පරාවක් යම් රටක සංවර්ධනය සදහා ඉතා වැදගත් නිර්නායකයකි. එනිසාම සෑම රටකම තරුණ පරම්පරා මහානර්ඝ වස්තුවක් ලෙස සලකා කටයුතු කරයි. එලෙසම ශ්‍රී ලංකාවේද, තාරුණ්‍ය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සුවිශේෂි වැදගත්කමක් ලබා දී ඇත. එනිසාම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් හිස මතද ආර්ථික සමාජීක වගකීම් රැසක් පැවරී ඇත. තරුණ තරුණියන් ඒ සදහා ස්වාධීනව කටයුතු කිරීමද අවශ්‍යතාවයකි.  ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලාංකීය තරුණ පරම්පරාව නියමිත දිශානතිය කරා යොමුකිරීම, සවිබල ගැන්වීම හා ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දීම යන අරමුණු පෙරදැඩි කරගෙන පිහිටුවන ලදී. පිහිටුවා ඇත්තේ ජාතික ස්වෙච්ඡා තරුණ සේවා පනත් අංක 11 යටතේ 1967 දීය. පසුව පනත් අංක 52 ලෙස 1968 දී සංශෝධන වී ඇත. ශ්‍රී ලංකා තරුණ සේවා සභාව මෙතුවක් කල් ස්වෙච්ඡා කාන්ඩය යටතේ පුලුල් වී පසුව, 1979 තරුණ සේවා සභා පනත් අංක 69 යටතේ තරුණ සංවර්ධන සංවිධානයක් පූර්ණ බලතල හිමි විය.