ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ගේ හා වෘත්තිකයින්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නිෂ්පාදනය කළ උසස්ම තත්ත්වයේ ලැප්ටොප් පරිගණක තුනක් හා ඩෙස්ක්ටොප් පරිගණයක් ASUS වෙතින් පසුගියදා එළි දක්වන ලදී. මෙරට ව්‍යාපාරිකයින්ගේ සහ වෘත්තිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂයෙන්ම නිපද වූ ASUS “Expert Series” මාදිලියට අයත් මෙම නවතම පරිගණක අතරට, ASUS ExpertBook B1 (B1500CEA), ExpertBook B5 Flip (B5302FEA), and ExpertBook B9 (B9400CEA) ලැප්ටොප් පරිගණක මාදිලි තුන සහ the ExpertCenter D7 Mini Tower (D700MA) ඩෙස්ක්ටොප් පරිගණකය ඇතුළත් ය. පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ASUS විසින් මෙම පරිගණක හතර අන්තර්ජාලය මගින් එළිදක්වනු ලැබිණි. ශ්‍රී ලංකාව පුරා සිටින ASUS රසිකයින් විශාල පිරිසකගේ සහ පාරිභෝගිකයින් රැසකගේ උද්යෝගීමත් සහභාගිත්වයෙන් මෙම එළි දැක්වීමේ අවස්ථාව අති සාර්ථක ලෙස පැවැත්විණි.
ASUS ExpertBook B1 අධ්‍යාපනික ආයතනවලට කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන ඇතුළු ඕනෑම ආයතනකට ගැලපෙන ලෙස විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති ලැප්ටොප් පරිගණකයකි. උසස් මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, පුළුල් පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුගත වන පරිදි නිපදවා ඇති මෙම ලැප්ටොප් පරිගණකය 11th Gen Intel® Core™ ප්‍රොසෙසරයකින් හා NVIDIA® GeForce® ග්‍රැෆික්ස් සැකසුම් ඒකකයකින් බල ගැන්වෙන අතර, 48GB දක්වා RAM ධාරිතාවකින් හා 3GB දත්ත ගබඩා ධාරිතාවෙන් යුක්තව, ඉහළම ක්‍රියාකාරිත්වයක් එමගින් පිරි නමයි. එමෙන්ම, මෙය නවතම WiFi 6 සම්බන්ධතාව සඳහා සූදානම් අතර, ASUS WiFi Master3 තාක්ෂණය, පරිශීලකයින්හට අඛණ්ඩ ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතාවයකට පහසුකම් සලසයි.
ASUS ExpertBook B5 Flip ලැප්ටොප් පරිගණකය විශේෂයෙන්ම, ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි, නිපදවා ඇත. උපරිම සරල බවට අමතරව, නම්‍යශීලීතාව අතින් 360 ° ක් දක්වා හැසිරවිය හැකි මෙම පරිගණකයට, 11th Gen Intel® Core™ ප්‍රෙසෙසරයක් සහ AI noise cancellation හා dual-SSD RAID support, ASUS NumberPad 2.0 ඇතුළත් වේ. එමෙන්ම, පැය 14 ක් දක්වා පවතින බැටරි ආරෝපණ කාලය, හේතුවෙන් දීර්ඝ සංචාරවලදී සුවිශේෂී සහයක් සැලසේ. මෙම පරිගණකය, fingerprint sensor සහ TPM 2.0 ඇතුළත්ව, පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය මෙන්ම ව්‍යාපාරික දත්ත ආරක්ෂා කිරීම පිණිස වන විශේෂාංග රැසකින් සමන්විත වේ.
එළි දක්වන ලද තෙවැනි ලැප්ටොප් පරිගණකය වන, ASUS ExpertBook B9 හි අඩංගු මැග්නීසියම් ලිතියම් ඇලුමිනියම් මිශ්‍ර ලෝහය නිසා අද්විතීය ශක්තිමත්බවක් පරිගණකය වෙත ගෙන දෙන අතරම, 880 g ක් තරම් උපරිම සැහැල්ලු බවක් පාරිභෝගිකයින් වෙත තිලිණ කරයි. මෙම ලැප්ටොප් පරිගණය මගින් වැඩ කටයුතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ඉවහල් වන පරිදි, බැටරි ආරෝපණය දවස පුරාම පවත්වා ගත හැකිය. එමෙන්ම, නවතම තාක්ෂණය භාවිත කරමින්, මෙය දීර්ඝ සංචාර සඳහාද සහය වන සේ නිෂ්පාදන කර ඇත. 11th Gen Intel® Core™ vPro® ප්‍රොසෙසරයකින් සමන්විත මෙම ලැප්ටොප් පරිගණකයෙහි කැපී පෙනෙන විශේෂාංග අතරට, AI noise cancellation, dual-SSD RAID support, ASUS NumberPad 2.0 සහ සමීප සංවේදකයකින් සමන්විත අභ්‍යන්තර IR වෙබ් කැමරාව ඇතුළත් වේ.
ASUS මාදිලි හතර අතරට එක්වන අනෙක් පරිගණකය, ASUS ExpertCenter D7 Mini Tower, ව්‍යාපාර සඳහා උසස් තත්ත්වයේ ආරක්‍ෂාවක් සහ කාර්ය කළමනාකරණයක් පිරි නමන ඩෙස්ක්ටොප් පරිගණකයකි. සියලුම ASUS ඩෙස්ක්ටොප් පරිගණක සඳහා, ලෝ ප්‍රකට උසස් තත්ත්වයේ ASUS motherboards ම භාවිතා කරන අතර, motherboards සඳහා 100% ක් ඝන ධාරිත්‍රක (solid capacitors ) භාවිතා කරන, එකම ඩෙස්ක්ටොප් නිෂ්පාදකයා ලෙසද ASUS ප්‍රකටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහළම MTBF ශ්‍රේණිගත කිරීම හිමි කර ගැනීමටද ASUS සමත්ව තිබේ. The D7 Mini Tower හි සංයුක්ත, නවීන හා බහුකාර්ය නිමාව, එකිනෙකට වෙනස් කාර්ය ගණනාවක් කර ගැනීමට ඉඩ සලසයි. එක්සත් ජනපද මිලිටරි ප්‍රමිතීන්ට MIL-STD-810G US ට අනුකූල වන සේ නිපදවා ඇති මෙම කල්පවතින, ඩෙස්ක්ටොප් පරිගණකය, දීර්ඝ කාලීන භාවිතයට සුදුසු හා වෘත්තිකයින් සඳහා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම්වලින් අනූන බවට සහතික කරයි.
නවතම ASUS “Expert Series” මාදිලියට අයත් පරිගණක දිවයින පුරා ASUS අලෙවි ජාලය මගින් මිලදී ගත හැකිය. වැඩිදුර විස්තර සඳහා, https://www.asus.com/lk/Business/Business-Where-to-buy/ වෙත පිවිසෙන්න.