’’ජනපති ඡන්දෙට වුණත් අපි සූදානම්’’


(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුව වෙලාවට මැතිවරණ තියාවි. මොන මැතිවරණය ආවත් අපි ඒ එන ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය ආවත් ගැටලුවක් නැහැ.

විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය කළ විමසුමකදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම පනත් කෙටුම්පත තවමත් දැක නැති බවයි.

"දැන් ඉතින් තියෙන්නේ නිදහස් මාධ්‍යයක් නේද" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.