’නීති නිසා මිනිහෙක්ට නිදහසේ ජිවත්වෙන්න බෑ’


(නාලක සංජීව දහනායක)

රජය විසින් පනවා තිබෙන නීති රීති නිසා සාමාන්‍ය මිනිහෙක්ට නිදහසේ ජීවත්විය නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (20) පැවැසීය.

නීතිය යනු යහමඟට ගන්නට ඇති ආධාරකයක් පමණක් යැයි කී ජනාධිපතිවරයා නීති රීති නිසාවෙන් ජනතාව පීඩාවට පත්කළ නොහැකි යැයිද කීය.

අරලියගහ මන්දිරයේදී අද (20) පැවැති සමස්ත ලංකා සමෘද්ධි සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිෂ්පාදන සංගමයේ 22 වැනි වාර්ෂික මහා සම්මේලනයට සහභාගී වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී ජනතාව පත්වන අපහසුතාවය මඟ හැරවීමට කටයුතු කළ යුතු බවයි.

නීති රීති නිසාවෙන් අවශ්‍යතාවයක් සඳහා ගඟෙන් වැලි කූඩයක් ගොඩදාගන්න, වෙලෙන් මැටි ටිකක් අරගෙන ගඩොලක් පුච්චාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා මෙම තත්ත්වය ඉතාම ඉක්මණින් වෙනස් කළ යුතු යැයිද කීය.

ඡායාරූප - ශාන්ත රත්නායක