IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මතුගම සභාවේ අවුලක්, ලේකම් රෝහල් ගත වෙයි

(බන්දු තඹවිට)

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  පහරදුන්නැයි කියමින්  මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත්ව සිටින්නීය.

ඒ සම්බන්ධයෙන් ඇය  මතුගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මතුගම ප්‍රාදේශීය සභාවේ කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටියදී සභාපතිවරයා පැමිණ   බැන තර්ජනය කර  මේසයේ ලිපි සුළගේ නොයාමට තබන බර රඳවනයක් මගින් මේසය මතට වේගයෙන් පහර දීම නිසා එය තමාගේ දකුණු උරහිසේ වැදුණු බවට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා මෙසේ පැවසීය.

මෙම ලේකම්වරිය මා සභාවට පත්වූ දින සිට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට සහය නොදී අකුල් හෙලනවා. මේ පිළිබඳව මා බස්නාහිර පලාත්පාලන කොමසාරිස්වරියටත් පැමිණිලි කර තිබෙනවා. ඒ අතර අප සභාවේ මන්ත්‍රීවරුන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ මහා සභාවේදී සම්මත කරගත් රුපියල් කෝටි 2 කට ආසන්න මුදලකින් සංවර්ධනය කිරීමට නියමිත මාර්ග රාශියක වැඩ වසර අවසාන වනවිටත් සිදුකර නොමැති නිසා පසුගිය 29 වැනි දා බස්නාහිර පළාත් පළාත් පාලන ලේකම් කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එම කාර්යාලය මගින් සභාවට සහ අදාල නිලධාරීන්ට දැනුම් දුන්නා  මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු අද දින (30) ආරම්භ කරන ලෙස.

නමුත් අද උදැසන 9.30 වන විටත් ඒ සඳහා අවශ්‍ය පියවර ලේකම්වරිය විසින් ගෙන තිබුණේ නෑ. මම ලේකම්ගේ කාර්යාලයට ගොස් ඒ පිළිබඳව විමසීමක් කළා. එවිට ඇය මාවෙත දෝශාරෝපනය කරමින් මට පාරවල් හැදුවත් එකයි ,නැතත් එකයි. මම වැඩ කරන්නේ මට ඕනේ විදිහටයි. ඔයාට ඕනෙ දෙයක් කරගන්න කියලා පැවසුවා.

 



අදහස් (0)

මතුගම සභාවේ අවුලක්, ලේකම් රෝහල් ගත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site